නිල කාලය අවසන් වූ පසුවත් නැඟෙනහිර හිටපු ඇමැතිනිය සිය නිල නිවෙස තවම බාරදී නැතිලු

  👤  3368 readers have read this article !
By mawbima 2018-01-11

ත්‍රිකුණාමලය -
ලක්මාල් කේ. බදුගේ

නිල කාලය අවසන් වූ නැඟෙනහිර පළාත් සභාවේ හිටපු පළාත් ඉඩම් හා මාර්ග සංවර්ධන ඇමැතිනි ආරියවතී ගලප්පත්ති මහත්මිය සිය නිල නිවෙස මෙතෙක් භාර දී නැතැයි මාර්ග සංවර්ධන අමාත්‍යාංශය කියයි.

නැඟෙනහිර පළාත් සභාවේ නිල කාලය පසුගිය වසරේ සැප්තැම්බර් 30 වැනිදායින් අවසන් වූ අතර මේ වන විට මාස තුනක් ඉක්මවා ගොස් ඇතත් හිටපු පළාත් ඉඩම් ඇමැතිනිය සිය භාවිතය සඳහා ගන්නා ලද නිල නිවෙස මෙතෙක් භාර දී නැත. මේ සම්බන්ධයෙන් නැඟෙනහිර පළාත් ආණ්ඩුකාර කාර්යාලයෙන් මව්බිම කළ විමසීමකදී කියා සිටියේ හිටපු පළාත් ඉඩම් ඇමැතිනිය සිය පරිහරණය සඳහා ලබා ගන්නා ලද නිවෙස කඩිනමින් භාර දෙන ලෙසට ඇය වෙත ලිඛිතව දන්වා යවා ඇති බවයි. එමෙන්ම නිල නිවෙස පවරා ගැනීම සම්බන්ධයෙන් ඇති වගකීම පළාත් ප්‍රධාන ලේකම්වරයා සතු කාර්යයක් වන අතර නිල නිවෙස භාර නොදී පෞද්ගලික දේපළක් ලෙස තබා ගැනීමට හා පරිහරණය කිරීමට ඇය වෙත කිසිදු නීතිමය ප්‍රතිපාදනයක් නොමැති බැවින් කඩිනමින් නිල නිවෙස පවරා ගැනීමට ඇවැසි කටයුතු කරන ලෙසට නැඟෙනහිර පළාත් ආණ්ඩුකාර ලේකම්වරයාටද උපදෙස් ලබා දී තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon