වසර 5ක් කොටි සිර කඳවුරේ දුක් වින්ද පොලිස් නිලධාරියාට රැකියාව අහිමි කර වසර 9යි

  👤  3364 readers have read this article !
By mawbima 2018-01-11

ඉතා අමිහිරි මතක සටහන් ඉතිරි කරමින් 30 වසරක කුරිරු යුද්ධය නිමා වී හරියටම 19දාට වසර 8කි. එම යුද්ධය පැවැති කාලයේ වසර පහක් පුරා කොටි සිර කඳවුරක මැරි මැරී ඉපදෙමින් අපාදුක් විඳි පොලිස් නිලධාරීන් 44 දෙනාගෙන් එක් පොලිස් නිලධාරියකු පිළිබඳව දිග හැරෙන අනුවේදනීය කතාවක්. යන සිරස්තලය යටතේ පසුගිය 2017 මැයි 19දා සිකුරාදා "මව්බිම" පුවත්පතේ ප්‍රධාන සිරස්තලය යටතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ රම්මල වරාපිටිය පදිංචි පො.සැ. ගමගේ ප්‍රේමදාස අබේවික්‍රම (11933) පොලිස් නිලධාරියාගේ අනුවේදනීය කතා පුවත මුළු රටටම අනාවරණය වූ පසු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යොවුන් පෙරමුණේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි ශාන්ත බණ්ඩාර මහතා විසින් 2017 මැයි 21 ඉරිදා "මව්බිම" පුවත්පතට ප්‍රකාශ කර තිබුණේ පසුගිය මැයි 19දා "මව්බිම" පුවත්පතේ හෙළිදරව්ව සම්බන්ධයෙන් අසාධාරණයට ලක්වූ පොලිස් නිලධාරියාව ජනාධිපතිතුමාට මුණගස්වන බවත් ඒ සම්බන්ධව තමා මැදිහත් වන බවත්ය. එහෙත් එම පුවත පළවී දැන් මාස 7කට ආසන්නව ඇතත් ජනාධිපතිතුමා තමාට මුණගැස්සවීම හෝ රැකියාව නැවත ලබාදී සාධාරණයක් ඉටුකර දීමට පාර්ලිමේන්තු මන්ත්‍රි ශාන්ත බණ්ඩාර මහතාටද මෙතෙක් හැකියාවක් ලැබී නොමැති බවට රැකියාව අහිමි පොලිස් නිලධාරිවරයා පවසයි.

පසුගිය කාලයේ අවස්ථා 4කදී මහජන පෙත්සම් කාර සභාවේ ලේකම්වරයා විසින් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ලේකම්වරයාට 2013.07.23/2013.11.26/2014.05.21/2014.11.26 යන දිනවල නියෝග 4ක් නිකුත් කර තිබිණි. එහෙත් එම නියෝග ක්‍රියාත්මක වී නැත. වර්තමාන යහපාලන ආණ්ඩුව බලයට පත්ව අද වනවිට වසර තුනක් ගතව ඇතත් කුරිරු ත්‍රස්තවාදීන්ගේ වධහිංසාවලට ලක්ව මැරි මැරී ඉපදී අපාදුක් විඳ නිදහස්ව පැමිණ කටුවන පොලිසියේ සේවය කරමින් සිටියදී පසුගිය ආණ්ඩු කාලයේ අසාධාරණ ලෙස රැකියාව අහිමි කර වසර 9ක් පුරා සිය රැකියාව අහිමිව දුක්විඳින පො.සැ. ගමගේ ප්‍රේමදාස අබේවික්‍රම නිලධාරියාගේ අනුවේදනීය පුවත මුළු රටටටම හෙළිකළ "මව්බිම" පුවත්පත නැවතත් 2017 අගෝස්තු 8 වැනි අඟහරුවාදා "මව්බිම" පුවත්පතින් දෙවැනි වරට හෙළිදරව් කෙරිණි. ඉන් පසුව නීතිය හා සාමය පිළිබ½ද අමාත්‍යාංශයේ මහජන දිනයක් වූ ඔක්තෝබර් 4දා ඔහුව කැඳවා "මව්බිම" පුවත්පතේ හෙළිදරව්වට අනුව අසාධාරණයක් සිදුව තිබෙන බවට අමාත්‍ය සාගල රත්නායක මහාත ප්‍රකාශ කරන ලදී. මේ පිළිබඳව විශේෂ අවධානය කඩිනමින් යොමුකර අවශ්‍ය කටයුතු කරන ලෙස අමාත්‍යාංශ ලේකම්වරයාට ඒ අවස්ථාවේදීම දැනුම් දී මසක් ඇතුළත නැවත රැකියාව පිහිටුවීමට අවශ්‍ය කටයුතු සිදුකරන ලෙස දන්වා පොලිස් කොමිසමට යොමු කිරිමට නියෝග කර ඇත. එහෙත් එම නියෝගය ලබාදී මාස 5ක් ගතව ඇතත් අමාත්‍යවරයාගේ හා අමාත්‍යාංශ ලේකම්වරයාගේ තීන්දු තීරණ ක්‍රියාත්මක වී ඇත.

මේ පිළිබඳව පොලිස් කොමිසන් සභාවෙන් කළ විමසීම්වලදී දැන ගැනීමට ලැබී ඇත්තේ පොලිස් කොමිසන් සභාව මාස දෙකහමාරකින් රැස්ව නොමැති බවයි.
කිසිදු සාධාරණයක් ඉටු නොවී රැකියාව අහිමිව වසර 9ක් තිස්සේ සිය රැකියාව නැවත ලබාදෙන ලෙස වගකිවයුතු නිලධාරීන්ගෙන් ඉල්ලමින් දුක්විඳින ඔහුව නැවත වතාවක් දේශපාලනඥයන්ගේ බොරු පොරොන්දු වලින් මුළා නොකර හැකි ඉක්මනින් සාධාරණය ඉටුකර රට වෙනුවෙන් තවදුරටත් සේවය කිරීමට අවස්ථාවක් ලබාදෙන ලෙස ජනාධිපති, අගමැති මෙන්ම නීතිය හා සාමය පිළිබඳව අමාත්‍යවරයාගේද විශේෂ අවධානය යොමු කරන්නැයි පවුලේ ඥාතීහු ඉල්ලා සිටිති.

උෟරුබොක්ක -
අතාවුද පතිරණ

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon