එකම දියණියගේ අධ්‍යාපනයට අම්මා උදවු ඉල්ලයි

  👤  3284 readers have read this article !
By mawbima 2018-01-11

ගලේවෙල අලුත්වැව ගමේ පදිංචි ජේ.ඒ.ඩී. චාන්දනී ජයලත් (53) මහත්මියගේ සැමියා වකුගඩු රෝගය වැලඳී මීට වසරකට පෙර මිය ගියේය. දහසකුත් එකක් අගහිඟකම් මැද්දේ 16 හැවිරිදි තම එකම දියණිය සමඟ මේ මව කටුමැටි ගෙයක ජීවිතය ජය ගැනීමේ අරගලයක යෙදී සිටින්නීය. කුමන බාධක පැමිණියත් තම දියණියට හොඳ අධ්‍යාපනයක් ලබාදීම මේ මවගේ එකම අරමුණයි.

ඇය අප සමඟ මෙසේ පැවැසුවාය. 'සැමියා මියගිය පසු මමත් දුවත් ජීවත් වන්නේ අමාරුවෙන්. දුව මෙම වසරේ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී ඉන්නවා. මෙතෙක් කල් මම කුලී වැඩ කර ජීවත් වුවත් වැටිලා අතක් පණ නැති වීම නිසා ඒ ආදායමත් දැන් නෑ. මගේ හදවතේ සිදුරක් තිබෙනවා. ඊට ප්‍රතිකාර ගැනීමට කුරුණෑගල රෝහලට යෑමට අවශ්‍යයි. මුදල් නැති නිසා ප්‍රතිකාර ලබන්නේ නෑ. ඒ නිසා දුව අමතර පන්ති යන්නෙත් නෑ. අපිට ලැබෙන එකම ආදායම සමෘද්ධියෙන් ලැබෙන 2500 පමණයි. පසුගිය දිනක ගලේවෙල පොලිස් නිලධාරීන් කිහිපදෙනෙක් පැමිණ දුවට පාසල් උපකරණ කීපයක් තෑගි දී ගියා. ඒ මහත්වරුන්ට ගොඩක් පින්. මගේ දුව පාසල් යන්නේ කිලෝමීටර් 2ක් පමණ දුර කැලෑ පාරක් ඔස්සේ. ඒ නිසා මම ඇයගේ තනියට යනවා. මගේ අනාගත බලාපොරොත්තුව මේ දුක් කරදර මැද වුවත් දුවට හොඳ අධ්‍යාපනයක් ලබාදී යහපත් පුරවැසියකු කිරීමයි. මගේ අසනීප තත්ත්වය නිසා අනාගතේ කොහොම වෙයිද කියා කියන්න බෑ. අපේ දුක්ඛිත අසරණ ජීවිත රැකගන්න උදව්වක් වෙන්න පුළුවන් නම් ලොකු පිනක් යැයි දෙනෙතට නැඟුණු කඳුළු පිසදමමින් ඇය පැවැසුවාය. ඇගේ ගිණුම් අංකය 79748587 ලංකා බැංකුව,ගලේවෙල. ඇගේ අක්කාගේ සැමියා වන අජන්ත සමරවීරගේ ජංගම දුරකතන අංකය 0774128592න් වැඩි විස්තර දැන ගත හැකිය.

ගලේවෙල - තිලක් පල්ලේගෙදර

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon