දරු මුනුපුුරන් එක්ක ජීවත් වන ඉඩම රැකගන්න 78 හැවිරිදි දඹුල්ලේ බේබි නෝනා විරෝධතාවක

  👤  3187 readers have read this article !
By mawbima 2018-01-11

දඹුල්ල පත්තම්පිටිය ග්‍රාමනිලධාරි වසමේ වසර සියයකට (100) අධික කාලයක් භුක්ති විඳිමින් සිටින මුළු බිම් කොටසම පවරා ගැනීමෙන් සිදුවන අගතිය වැළැක්වීමට කටයුතු කරන මෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ලබාදුන් නියෝගය බලධාරීන් නොසලකා හැරීම නිසා තම දරුවන් අටදෙනා හා මුනුබුරන් අසරණ වී ඇතැයි පවසමින් අවුරුදු 78ක් වයසැති ඩබ්ලිව්.ජී. බේබි නෝනා මහත්මිය දරුවන් හා මුනුපුරන් සමඟ එක් වී ඊයේ (10 දා) විරෝධතාවක නිරත වූවාය. මීට වසර සියයකට පෙර තම සීයා පත්තම්පිටිය ප්‍රදේශයෙන් අක්කර දෙකක ඉඩමක් මිලදී ගත් බවත් පසුව මෑතකදී එම ඉඩම පාසලට අයිති ඉඩමක් බව පවසා පවරා ගැනීමට කටයුතු කිරීමේදී එයින් පර්චස් එකසිය විස්සක ඉඩම් කොටසක් රැක ගැනීමට හැකිවූ බවත් පර්චස් පනහක (පර්. 50) ඉඩම් කොටසක් ඉතිරි කර අනෙක් ඉඩම් කොටසද පවරා ගැනීමට බලධාරීන් කටයුතු කරමින් සිටින බවත් බේබි නෝනා මහත්මිය පවසන්නීය.

තම පවුලේ දරුවන් අට දෙනකු සිටින බවත් එම දරුවන්ට ජීවත් වීමට ඇති එකම බිම් කැබැල්ල පවරා ගැනීමෙන් නැති වන බවද වැන්දඹුවක් වී සිටින තම දියණිය හා ඇගේ දරු දෙදෙනා දැඩි අසරණ තත්ත්වයකට පත්වී ඇතැයිද බේබි නෝනා පෙන්වා දෙන්නීය. රජයේ නිලධාරීන්ගෙන් සිදුවෙමින් පවතින මෙම අසාධාරණය ගැන 2016/09/19 දින ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත ඩ්අඛ්/ම්/294/16-ඹ අංක යටතේ පැමිණිලි කළ පසු තමන්ට හා දරුවන්ට අගතියක් සිදුවීම වැළැක්වීමට කටයුතු කරන ලෙස එම කොමිෂන් සභාවේ ප්‍රාදේශීය සම්බන්ධීකරණ නිලධාරිනි එච්.කේ. විතාන මහත්මියට 2016/09/22 දින නියෝගයක් ලබාදී ඇති බවද ඩබ්ලිව්.ඒ. බේබි නෝනා මහත්මිය පවසන්නීය.

දඹුල්ල ප්‍රදේශයේ රජයේ ඉඩම් කෝටිපති ව්‍යාපාරිකයන් වෙත විකුණමින් පවතින පසුබිමක දුප්පත් තම පවුල වෙත බලධාරීන් ඉඩම් නීතිය තදින්ම ක්‍රියාත්මක කිරීම පුදුමයට කරුණක් බැවින් තම ගැටලුව විස¼දා ගැනීමට ජනාධිපතිතුමාගේ අවධානය යොමු කර ගැනීමේ අරමුණින් මෙම විරෝධතාව පැවැත්වූ බැව්ද බේබි නෝනා පැවැසුවාය.
ඉනාමළුවේ- තිලක විජයසූරිය

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon