ඉන්දියාව සමඟ තරග වදින 20-20 සංචිතයෙන් මාලිංග ඉවතට

  👤  3539 readers have read this article !
By mawbima 2017-12-18

ඉන්දියාව සමඟින් පැවැත්වෙන තරග තුනකින් සමන්විත විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කළ 15 දෙනකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයෙන් ලසිත් මාලිංග ඉවත් කර තිබේ.
මේ වසරේ සැප්තැම්බර් මාසයේදී ඉන්දියාව සමඟින් ශ්‍රී ලංකාවේදී පැවැති විස්සයි-20 තරගයද නියෝජනය කළ මාලිංග පාකිස්තානය සමඟින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී හා පාකිස්තානයේදී පැවැති විස්සයි-20 ක්‍රිකට් තරගාවලියෙන්ද ඉවත් වී තිබිණි.

කෙසේ වෙතත් නම් කළ ශ්‍රී ලංකා සංචිතයට මේ වනවිටත් විස්සයි-20 වර්ණ දිනා නොමැති වමත් වේගපන්දු යවන්නකු වන විෂ්ව ප්‍රනාන්දු එක්කර තිබීමද විශේෂත්වයකි.
කෙසේ වෙතත් 2016 වසරේ මාර්තු මාසයෙන් පසු එනම් වසර එක හමාරකට පසු දුෂ්මන්ත චමීර මෙන්ම ආබාධයක් හේතුවෙන් මේ වසරේ ජුනි මාසයේදී කණ්ඩායමෙන් ඉවත්වීමට සිදු වූ කුසල් ජනිත් පෙරේරාද විස්සයි-20 සංචිතයට එක්ව සිටී.
දෙරට අතර තරග තුනකින් සමන්විත විස්සයි-20 තරගාවලියේ පළමු තරගය එළැඹෙන 20 වැනිදා කටක්හිදීත්, දෙවැනි තරගය 22 වැනිදා ඉන්දෝරේහිදී හා තෙවැනි තරගය 24 වැනිදා මුම්බායිහිදී පැවැත්වීමට නියමිතව ඇත.

නම් කළ ශ්‍රී ලංකා සංචිතය _ තිසර පෙරේරා (නායක), උපුල් තරංග, ඇන්ජිලෝ මැතිව්ස්, කුසල් පෙරේරා, ධනුෂ්ක ගුණතිලක, නිරෝෂන් දික්වැල්ල, අසේල ගුණරත්න, සධීර සමරවික්‍රම, දසුන් ශානක, චතුරංග ද සිල්වා, සචිත් පතිරණ, අකිල ධනංජය, දුෂ්මන්ත චමීර, නුවන් ප්‍රදීප් හා විෂ්ව ප්‍රනාන්දු

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon