විවෘත කනිෂ්ඨ ගෝල්ෆ් ශූරතාවලිය ශූරිය ටානියා:ශූරයා විනෝද්

  👤  3577 readers have read this article !
By mawbima 2017-12-18

පසුගියදා නිමාවට පත්වූ ශ්‍රී ලංකා කනිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියේදී කාන්තා ශූරතාව ටානියා මිනෙල් බාලසූරිය විසින්ද, පිරිමි ශූරතාව විනෝද් වීරසිංහ විසින්ද දිනා ගන්නා ලදී.

කාන්තා රන් සහ රිදී කාණ්ඩය නියෝජනය කළ ටානියා බාලසූරිය ලකුණු 218ක් සමඟින් කාන්තා ශූරතාවට හිමිකම් කීමට සමත් වූ අතර පිරිමි රන් කාණ්ඩය නියෝජනය කළ විනෝද් වීරසිංහ ලකුණු 218ක් සමඟින් පිරිමි ශූරතාවට හිමිකම් කීමට සමත් විය.

නුවරඑළිය ගොල්ෆ් ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් රිදී කාණ්ඩයෙන් තරග වැදුණු එස්. දුවර්ශන් ලකුණු 234ක් සමඟින් රිදී කාණ්ඩය ජයග්‍රහණය කළ අතර ශනාල් බිනුශ්ක ලකුණු 201ක් සමඟින් ලෝකඩ කාණ්ඩය දිනා ගන්නා ලදී.

තඹ කාණ්ඩය ලකුණු 130ක් සමඟින් කායා දලුවත්ත විසින් දිනාගත් අතර තරගාවලිය දින 3ක් පුරාවට කොළඹ රාජකීය ගොල්ෆ් සංගම් පිටියේදී පැවැත්විණි.
ඡායාරූපය _ කැළුම් චාමර

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon