වල් අලි උවදුරට පිළියම් නෑ බදුල්ල-කොළඹ ප්‍රධාන මාර්ගය අවහිර කරමින් ජනතාව උද්ඝෝෂණයේ

  👤  3538 readers have read this article !
By mawbima 2017-12-18

ඇටම්පිටිය - රත්න වීරසිංහ

පෙරේදා (16දා) දහවල් හල්දුම්මුල්ල, උෟව කොස්ගමදී වල් අලි ප්‍රහාරයකින් පුද්ගලයකු මිය යෑමේ සිද්ධියෙන් කුපිත වූ ප්‍රදේශවාසීහු මෙම වල් අලි උවදුරට නිසි පිළියම් නොයෙදීම පිළිබඳව විරෝධය දක්වමින් ඊයේ (17දා) සවස බදුල්ල-කොළඹ ප්‍රධාන මාර්ගය සම්පූර්ණයෙන් අවහිර කරමින් මරංගහවෙල මංසන්ධියේදී උද්ඝෝෂණයක නිරත වූහ.
වල් අලි ප්‍රහාරයෙන් උෟව කොස්ගම පදිංචි කේ.ජී. ජයමිණි නමැති 42 හැවිරිදි දෙදරු පියකු මියගිය අතර එම සිද්ධිය මුල් කොටගෙන පැවැති මෙම විරෝධතාව හේතුවෙන් බදුල්ල-කොළඹ ප්‍රධාන මාර්ගය පැය තුනක පමණ කාලයක් අවහිර වී තිබිණි. මෙම විරෝධතාවට ප්‍රදේශවාසීහු 500කට ආසන්න පිරිසක් එක්ව සිටි අතර එම ස්ථානයට පැමිණි ඉඹුල්පේ ප්‍රාදේශීය ලේකම් කීර්ති ජයසිංහ මහතා පිරිස සමථයකට පත් කිරීමට කටයුතු කළේය.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon