ආණ්ඩුව පොහොට්ටුවට භයවෙලා

  👤  3660 readers have read this article !
By mawbima 2017-12-18

පළාත් පාලන මැතිවරණය සඳහා තරග කිරීමේදී එජාපයට සහ ඊට සම්බන්ධ අනෙකුත් පක්ෂවලට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අසලටවත් පැමිණිය නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රි කුමාර වෙල්ගම මහතා පැවැසීය.

බත්තරමුල්ල, නෙළුම් මාවතේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පක්ෂ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා වැඩිදුරටත් මෙසේද කීය.
පාර්ලිමේන්තු මන්ත්‍රි කුමාර වෙල්ගම
පසුගියදා අපේ නාම යෝජනා පත්‍ර දෙකක් ප්‍රතික්ෂේප වුණා. ඉන් දෙකක් කළුතර දිස්ත්‍රික්කයේ.
දැන් අපි නීති උපදෙස් ලබාගන්නවා මේ සම්බන්ධයෙන්. පසුව ශේ්‍රෂ්ඨාධිකරණය වෙත පෙත්සමක් ඉදිරිපත් කිරීමටත් කටයුතු කරනවා. එය අපිට සාර්ථකව කරගන්න හැකිවෙයි කියලා අපි හිතනවා. පොඩි තාක්ෂණික දෝෂ පමණයි මේ නාම යෝජනා පත්‍රවල තිබෙන්නේ.

මේ මැතිවරණය අපි ඉතාම ඉහළින් ජයග්‍රහණය කරනවා. මොකද හිටපු ජනාධිපතිතුමාට ජනතා ප්‍රසාදය ඉතාම ඉහළින් තිබෙනවා. අපිත් සමඟ තිබෙන මේ තරගයේදී ආණ්ඩුවට අපේ ළඟටවත් එන්න බැහැ. එජාපය සහ ඊට සම්බන්ධ අනෙකුත් පක්ෂ ඉතාමත් පහළට වැටිලා තිබෙන්නේ. ඒ බව ගමට ගියාම පසුව ඔවුන්ට දැනගන්න පුළුවන් වෙයි. අපිට ඉතාමත් හොඳ අවස්ථාවක් ලැබිලා තිබෙන්නේ. ඉන් උපරිම ප්‍රයෝජනය අපි ලබාගන්නවා. පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල ඉදිරි මැතිවරණ සඳහාත් බලපානවා.
පාර්ලිමේන්තු මන්ත්‍රි පියල් නිශාන්ත
එජාපය ප්‍රමුඛ යහපාලන ආණ්ඩුව පොහොට්ටුවට බයවෙලා. එජාප පරණ මැතිවරණ සෙල්ලමට අනුව තර්ජනය කරලා බය ගන්වලා බලය ලබාගැනීමට තමයි මේ කණ්ඩායම උත්සාහ කරන්නේ.

අපගේ ප්‍රතික්ෂේප වූ නාම යෝජනාවල තියෙන්නෙ සුළු සුළු අත්වැරැදීම්. හැබැයි එජාපයේ ඉන්න අය කියනවා පොහොට්ටුවේ ඉන්න අයට හරියට නාම යෝජනාවක්වත් සකස් කරගන්න බැහැ කියලා.

අප ඉදිරිපත් කළ නාම යෝජනා ප්‍රතික්ෂේප වීම පිළිබඳව අපි අධිකරණ ක්‍රියාමාර්ග ගන්නවා. එතකොට මේ යහපාලන ආණ්ඩුවේ අයට තේරෙයි අපේ බලය. ප්‍රතික්ෂේප වුණ නාමයෝජනා නිවැරැදි කරගෙන නැවත අපි තරග බිමට එනවා. යහපාලන ආණ්ඩුවට මුක්කු ගහන ශ්‍රී ලනිප කණ්ඩායමට සහ එජාපයට තේරෙයි තමන්ට අත්වන ඉරණම කුමක්ද කියලා. සමස්ත රටේ ජනතාව සිටින්නේ පොහොට්ටුවත් සමඟයි.

ඉෂාරා සිල්වා
ඡායාරූප - සජීව චින්තක කහඳගම

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon