ගෝඨාභය වීරයා අත්අඩංගුවට ගත්තොත් අදහාගත නොහැකි බරපතළ තත්ත්වයක් ඇතිවේවි

  👤  3705 readers have read this article !
By mawbima 2017-12-18

තිස් අවුරුදු යුද්ධය මුලිනුපුටා දමමින් දිනෙන් දින ඉහළයමින් තිබූ මිනී කඳු ගොඩගැසීමට තිත තැබූ සේනාධිනායකයාත්, එය මෙහෙයවීමේ මුළු බර කරටගෙන ක්‍රියා කළ ආරක්ෂක ලේකම්ගේත්් ආදරණීය පියාණන් වෙනුවෙන් ස්මාරකයක් ඉදිකිරීම මුල්කරගෙන ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන ඇප නොමැතිව සිරභාරයේ රඳවා තැබීමට වත්මන් ආණ්ඩුව ක්‍රියා කළා. සිදු කරමින් යන ආණ්ඩුවේ දේශද්‍රෝහී ක්‍රියා කලාපය එදා යුද බිමේ සිටි අයකු ලෙස තමාත් සෙසු සමස්ත ත්‍රිවිධ හමුදා නිලධරයනුත් පිළිකුළෙන් යුතුව හෙළා දකින බව රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පසුගියදා ශේ්‍රෂ්ඨාධිකරණ පරිශ්‍රයේදී මාධ්‍ය අමතමින් පැවැසීය.

ගෝඨාභය රාජපක්ෂ මහතා ද්වේශ සහගත ලෙස දේශපාලන බලපෑම් මත අත්අඩංගුවට ගැනීමට නීතිපතිවරයාත් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයත් ක්‍රියාකරමින් සිටින බැවින් එය වළක්වාලමින්, එම ද්වේශසහගත ක්‍රියාව සඳහා අදාළ කොට ගෙන ඇති පොලිස් අධිකාරි සහතිකය 'බලරහිත කරන ලෙස' ඉල්ලමින් ඒ මහතා විසින් අභියාචනාධිකරණය හමුවේ ගොනු කොට ඇති 'රිට්' පෙත්සම පිළිබඳ නඩු විභාගයට පැමිණ ආපසු නික්මයන මොහොතේ මාධ්‍ය අමතමින් රියර් අද්මිරාල් වීරසේකර මහතා මෙසේද පැවැසීය.
මෙම සදාචාර විරෝධී අධම ක්‍රියාව ගැන රට වැසියකු වශයෙන් තමාත්, හමුදා සේවයට සම්බන්ධ වූවෙක් ලෙස මම බලවත් කම්පනයකට පත්ව සිටිනවා.

යම් ආකාරයකින් ගෝඨාභය විරුවාණන් අත්අඩංගුවට ගතහොත් කිසිවකුටත් අදහාගත නොහැකි ඉතා බරපතළ තත්ත්වයක් රට තුළ නිර්මාණය වෙනවා. එදා යුද බිමේ සිටිය වුන්ගෙන් සියයට 50කටත් වඩා පිරිසක් අද සිටින්නේ විශ්‍රාමිකව මහපොළොව මත දෙපා තබාගෙන බව ආණ්ඩුව අමතක නොකළයුතුයි.

කමල් මහේන්ද්‍ර වීරරත්න

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon