නාම යෝජනා පත්‍ර හදා ගන්න බැරි පොහොට්ටුවට රට තියා ගමවත් හදන්න පුළුවන්ද?

  👤  3533 readers have read this article !
By mawbima 2017-12-18

නිසි පරිදි නාම යෝජනා පත්‍රයක් සකස් කරගත නොහැකි පොහොට්ටුව පක්ෂය ගමට රටට නායකත්වය දෙන්නේ කෙසේ දැයි නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා ප්‍රශ්න කරයි.

අමාත්‍ය සාගල රත්නායක මහතා මෙසේ ප්‍රශ්න කළේ දෙණියායේ ඉදිකිරීමට නියමිත ඇඳන් 500කින් යුතු නව රෝහල සඳහා හඳුනාගෙන ඇති භූමිය පරීක්ෂා කිරීමට පසුගියදා එහි ගිය අවස්ථාවේදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
එහිදී අමාත්‍යවරයා කියා සිටියේ දෙණියායේ ඉදිකිරීමට යෝජිත නව රෝහල් භූමියේ බිම සකස් කිරීමේ කටයුතු 2018 වර්ෂයේ මුල් කාර්තුවේ දී ආරම්භ කරන බවයි.
අමාත්‍යවරයා මෙසේද පැවැසීය.

2018 අය - වැයටත් මේ රෝහලේ කටයුතු පිළිබඳ සඳහන් කළා. 2018 මුල් කාර්තුවේ මෙහි බිම සකස් කිරීම් කටයුතු ආරම්භ කරනවා. ඊට පස්සේ ඉදිකිරීම් ආරම්භ කරනවා. මේ නිසා විශාල පිරිසකට සහන හිමි වෙනවා. මෙතැන දෙවැනි පියවර හැටියට හෙද පුහුණු ආයතනයක් හදන්නත් උත්සාහ කරනවා.
දක්ෂිණ සංවර්ධන කටයුතු දැන් ක්‍රියාත්මක වෙන්න පටන් අරගෙන තියෙනවා. විශේෂයෙන්ම හම්බන්තොට වරායේ කටයුතු අපි ආරම්භ කරන්න පටන් ගන්නවා. ඒ වගේම කර්මාන්තපුරයේ කටයුතු අපි පටන් ගන්නවා. ඒ වගේම වැලිගම චාලි මවුන්ට් කර්මාන්තපුරය ව්‍යාප්ත කරන්න ඉඩම් පවරා ගැනීම් කරනවා. මේ තුළින් රැකියා ඇති වෙනවා වගේම විදේශ විනිමය අපේ රටට ගලා එන්නට පටන් ගන්නවා.

අපි සංචාරක ව්‍යාපාරය ආශ්‍රිත ඉක්මනින් ප්‍රතිලාභ ලබාගත හැකි ව්‍යාපෘති විශාල ප්‍රමාණයක් ආරම්භ කරලා තියෙනවා. තවත් වැඩ ගොඩක් කරන්න තියෙනවා. නමුත් අපේ දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශයේ මූලික අරමුණ රැකියා ඇති කිරීම තුළින් ආර්ථිකය සංවර්ධනය කිරීමයි.
ඒ වගේම පළාත් පාලන මැතිවරණයේ පළමුවැනි අදියරයේ නාමයෝජනා භාර දීමේදී පොහොට්ටු පක්ෂයේ නාමයෝජනා ප්‍රතික්ෂේප වීම ගැන කතා කරන්න ඕන. බලයලත් නියෝජිතයා පැත්තක ඉද්දි වෙන කෙනෙක් නාම යෝජනා භාර දීලා. තව සමහර ඒවගේ නම ලියන්න බැරිවෙලා.

සමහර ඒවා අස්සන් කරන්න බැරිවෙලා. මොවුන් හරියට නාම යෝජනා පත්‍රයක්වත් පුරවා ගන්න බැරි පිරිසක්. මම අහන්නේ. අයන්න ආයන්න නොදන්න නාම යෝජනාව හරියට හදාගන්න බැරි පක්ෂයක් කොහොමද රටට වැඩක් කරන්නේ කියලයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon