මෙවර පුංචි ඡන්දය තුන් කොන් සටනක්

  👤  3514 readers have read this article !
By mawbima 2017-12-18

මෙවර පළාත් පාලන මැතිවරණ සටන තුන්කොන් සටනක් වේවි. නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය නියත වශයෙන්ම ජයග්‍රහණය කරනවා. ඒකට හේතුව තමයි එදා එක්සත් ජනතා නිදහස් සන්ධානය වටා රොක් වී සිටි අනෙකුත් සුළු පක්ෂවලින් සියයට 90%ක්ම යළිත් අපිත් එක්ක ඡන්දෙදි හිටගන්නවා. පසුගිය කාලයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයට ශක්තිය ලබා දෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රිවරු 09ක් සිටි තොණ්ඩමන් මැතිතුමාගේ පක්ෂය අපිත් එක්ක. මහජන එක්සත් පෙරමුණේ සියයට 50%ක් ලෙස සලකන්න පුළුවන, ශි්‍රයානි විජේවික්‍රම මැතිනිය අපිත් එක්ක. අතාවුල්ලා මැතිතුමාගේ පක්ෂය අපිත් එක්ක. විමල් වීරවංශ මන්ත්‍රිතුමාගේ ජාතික සංවිධායක, මහ ලේකම් වගේම නියෝජ්‍ය නායකයන් අපිත් එක්ක. විමල් වීරවංශ මැතිතුමත් ඉන්නේ කලකිරීමෙන්. දිනපු එකම වමේ පක්ෂය වන කොමියුනිස්ට් පක්ෂය අපිත් එක්ක. මුස්ලිම් කොංග්‍රසය සහ දිගම්බරන්ගේ පක්ෂය පමණයි එජාපය සමඟ ඉන්නේ. ඒ විතරක් නෙවෙයි රටේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා, අපේ පක්ෂයේ සභාපතිතුමා අපිත් එක්ක ඉන්නේ. ඒ නිසා මේ ජයග්‍රහණය වළක්වන්නට කාටවත්ම බැහැ යැයි සමාජ සවිබල ගැන්වීම් සුබසාධන හා කන්ද උඩරට උරුමය පිළිබඳ අමාත්‍ය, පාතහේවාහැට ශ්‍රී ලනිප ප්‍රධාන සංවිධායක, මහනුවර දිස්ත්‍රික් ශ්‍රී ලනිප නායක එස්. බී. දිසානායක මහතා පැවැසීය.

අමාත්‍යවරයා මේ බැව් කියා සිටියේ ඉකුත් 17 වැනි දින කිවුල්ළිඳ, පාතහේවාහැට ආසනයේ ශ්‍රී ලනිප ප්‍රධාන කාර්යාලයේදී පැවැති ශ්‍රී ලනිප බල මණ්ඩල රැස්වීම අමතමිනි.
එහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද කීය.

එදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ජනාධිපතිවරණය පැරදුණාම අපි සියලු දෙනාම ඉල්ලුවා චමල් රාජපක්ෂ මැතිතුමා හෝ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාව අපේ පක්ෂයේ අගමැති අපේක්ෂකයා ලෙස නම් කරන්න කියලා. නමුත් එතුමාගේ වටේ සිටි අය ඊට ඉඩ දුන්නේ නැහැ. එහෙම දුන්නොත් 2025 දී නාමල්ට, යෝෂිතට මොකද වෙන්නේ කියලා ඒ අය ඇහුවා. ඒ නිසා අපට අගමැතිකමක් නැතිවුණා. මම ඇතුළු ජේ‍යෂ්ඨයෝ සියලු දෙනාම එක හ¾ඩින් ඉල්ලුවත් ඒක කළේ නැහැ. අපිට කිව්වේ මහින්ද සුළඟ, මහින්ද සුනාමිය එනවා. ඒක නවත්වන්න කාටවත් බැහැ කියලා. අපි මහින්ද රාජපක්ෂ මැතිතුමාට ආදරෙයි. එතුමා අපේ පක්ෂය මෙහෙයවමින් රට මෙහෙයවමින් ලොව කිසිවකුට පරාජය කළ නොහැකි ත්‍රස්තවාදයෙන් රට ගලවා ගත්තා. නමුත් එතුමා පක්ෂයට අවැසි දේ ඒ වෙලාවේ කළේ නැහැ. එහෙම කළා නම් අද සම්පූර්ණයෙන්ම අපේ ආණ්ඩුවක් තියෙන්නේ. අපි විශ්වාස කරනවා එතුමා ඒ සත්‍යය තේරුම් ගෙන කටයුතු කරයි කියලා.

මෙවර මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමාගේ ජයග්‍රහණයත්, පක්ෂ සභාපතිත්වය ලබා ගැනීමෙන් පසුත් අපේ හිටපු සන්ධාන මහ ලේකම් සුසිල් ප්‍රේම්ජයන්ත, ජාතික සංවිධායක අනුර යාපා මැතිවරුන් ඉවත් කළා. නමුත් ඔවුන් පක්ෂයෙන් ගියේ නැහැ. ජෝන් සෙනෙවිරත්න, නිමල් සිරිපාල ද සිල්වා පක්ෂයෙන් ගියේ නැහැ. ඒ ඔවුන් පක්ෂයට ආදරේ නිසා. පක්ෂයේ සියලුම ජේ‍යෂ්ඨයන් සිටින්නේ අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟයි. ඒකාබද්ධයේ සිටින වෙල්ගම මන්ත්‍රිතුමා පමණයි ජේ‍යෂ්ඨයෙක් ලෙස එම මන්ත්‍රි ගොඩේ ඉන්නේ. නමුත් අපි කැබිනට් ඇමැතිවරු වෙනකොටත් එතුමා පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙක් විතරයි. නියෝජ්‍ය ඇමැතිකමක්වත් ලැබුණේ නැහැ. පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට ආවේ තමන්ගේ ශක්තියෙන් ජයග්‍රහණය කළ නොහැකි, මහින්ද රාජපක්ෂ චරිතයේ එල්ලී පාර්ලිමේන්තුවට ආපු අය. මේ අයගෙන් 11ක් එදා එක්සත් ජාතික පක්ෂයට යන්න සැරසුණා. ඒ වෙලාවේ මෛත්‍රිපාල ජනාධිපතිතුමා එක්සත් ජාතික පක්ෂයට කිව්වා අපෙන් ඔබටත් ඔබෙන් අපටත් කිසිවකු බිලි බා නොගත යුතු බව. ඒ නිසා ඒ අයට එජාපයට යන්න බැරි වුණා. නැවත වතාවක් ඔවුන් මහින්ද රාජපක්ෂ මැතිතුමා වටා රොක් වුණා. සත්‍යය එයයි.

හර්ෂණී අර්සකුලරත්න

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon