අනුශාසකවරුන් ඉන්නේ පක්ෂය දිනවන්න මිසක් පරාද කරන්න නොවේ

  👤  3518 readers have read this article !
By mawbima 2017-12-18

සිදත් මෙන්ඩිස්

පක්ෂයේ අනුශාසකවරුන්ගේ වගකීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දිනවීම මිස පරාජයට පත් කිරීම නොවන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පෙන්වා දෙයි.

අරණායක ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන මැතිවරණ මෙහෙයුම් කාර්යාලය ආරම්භ කිරීමේ අවස්ථාවට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව පැවැසීය.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ අනුශාසකවරුන් ලෙස හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මෙන්ම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාටද පක්ෂය දිනවීමේ වගකීමක් පවතින බවද හෙතෙම සඳහන් කළේය.

පළාත් පාලන මැතිවරණයේදී ආණ්ඩු පෙරළියක් සිදු නොවන බැවින් මූලිකවම පක්ෂය ආරක්ෂා කර ගැනීමේ වගකීම සියලු දෙනාටම පවතින බව අමාත්‍යවරයා සඳහන් කළේය.
දේශපාලන වාසි ලබාගැනීමට ඇතැම් පිරිස් බොරු ප්‍රචාරයන් ගෙන ගියද මෙවර මැතිවරණයේදී නිදහස් පක්ෂයට විශිෂ්ට ජයග්‍රහණයක් හිමිවන බවද සියඹලාපිටිය මහතා කියා සිටියේය.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon