ජාතික ආණ්ඩුවෙන් ඉවත්වීමට ශ්‍රී ලනිපය තුළ ප්‍රබල ඉල්ලීමක් නෑ

  👤  3610 readers have read this article !
By mawbima 2017-12-18

ඩබ්ලිව්. කේ. ප්‍රසාද් මංජු

එක්සත් ජාතික පක්ෂය සමඟ ඇතිකරගෙන තිබෙන සම්මුතිවාදී ජාතික ආණ්ඩුවෙන් ඉවත්වන ලෙසට මේ අවස්ථාවේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිසිවකුගෙන් ප්‍රබල ඉල්ලීමක් ඉදිරිපත් වී නොමැති බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්, ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය හා මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය මහින්ද අමරවීර මහතා 'මව්බිම'ට ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වත්මන් ජාතික ආණ්ඩුවෙන් ඉවත්වනවා නම් එය සිදුකරන්නේ රටට සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වාසිදායක තත්ත්වයක් තුළදී පමණක් බවත් එවැනි තීරණයක් ගනු ලබන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේදී බවත් මහින්ද අමරවීර අමාත්‍යවරයා පෙන්වා දෙයි.

රටට සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වාසි සහගත අවස්ථාවේදී පක්ෂයේ තීරණය අනුව ආණ්ඩුවෙන් ඉවත් වන බවත් එය පළාත් පාලන මැතිවරණයට පෙරද, පසුද කියා නිශ්චිත දිනයක් තවම ප්‍රකාශ කිරීමට නොහැකි බවත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon