ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නව ආසන සහ දිස්ත්‍රික් සංවිධායකවරු පත් කෙරෙති

  👤  3615 readers have read this article !
By mawbima 2017-12-18

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තවත් නව ආසන සහ දිස්ත්‍රික් සංවිධායක පත්වීම් පිරිනැමීමක් පෙරේදා (16දා) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති නිල නිවෙසේදී සිදුවිය.

ඒ අනුව, එම්.එස්.එම්. සකාවුල්ලාහ් මහතා මීගමුව ආසනයේ සම සංවිධායක ලෙස පත් කර තිබේ.
රත්නපුර දිස්ත්‍රික් සංවිධායකවරුන් ලෙස ඩී.ආර්. ඉන්දු ගුණතිලක, එම්. නිහාල් විජයානන්ද, ජී.කේ. උපාලි චන්ද්‍රසේන යන මහත්වරු පත් කර ඇත. කෂ්ත්‍රිය රාජපුත්‍ර වීරසිංහ සහ මහින්ද බණ්ඩාර බක්මීවැව යන මහත්වරු කුරුණෑගල දිස්ත්‍රික් සංවිධායකවරු ලෙස පත්වීම් ලැබූහ.

එසේම මාතර දිස්ත්‍රික් සංවිධායක ලෙස අනිල් චන්ද්‍රනාත් වීරමන් මහතාත්, දිගාමඬුල්ල දිස්ත්‍රික් සංවිධායක ලෙස වයි.ජී. බන්දුල සරත් කුමාර මහතාත් පත් කර ඇත.
මේ අතර මහඔය ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ හිටපු උප සභාපති කේ.ටී. සේනාරත්න මහතා සහ මහ ඔය එක්සත් ජාතික පක්ෂ තරුණ සංවිධානයේ ක්‍රියාකාරිකයකු වූ ආර්.එම්. සී.එම්. ඥානරත්න යන මහත්වරු පෙරේදා පෙරවරුවේ ජනාධිපති නිල නිවෙසේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට සහාය පළ කිරීමට එක් වූහ.
අමාත්‍ය ජෝන් සෙනවිරත්න සහ වයඹ මහ අමාත්‍ය ධර්මසිරි දසනායක යන මහත්වරු මේ අවස්ථාවට එක්ව සිටියහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon