කෙඩෙට් නිලධාරීහු 191ක් දියතලාවේදී විසිර යති

  👤  3621 readers have read this article !
By mawbima 2017-12-18

ඊයේ (17දා) දියතලාව ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යාපීඨයේ පැවැති 92 වැනි විසිර යෑමේ පෙළපාළිය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
මෙහිදී කෙඩෙට් නිලධාරීන් සහ නිලධාරිනියන් 191 දෙනෙක් සාර්ථක යුද හමුදා පුහුණුවකින් පසු අධිකාරි නිල ලබා යුද හමුදා සේවයට එක්වුහ.
පුහුණු කාලය තුළ විශිෂ්ට දක්‍ෂතා පෙන්වූ නිලධාරීන් සිවු දෙනකුට සංකේතාත්මකව අසිපත් ප්‍රදානය කළ ජනාධිපතිවරයා ඔවුන් දෙවැනි ලුතිනන් නිලයේ පිහිටුවමින් උරහිස් ලාංඡන පැලඳවීය.

මෙම අවස්ථාවට ආරක්‍ෂක ලේකම් කපිල වෛද්‍යරත්න, යුද හමුදාපති මහේෂ් සේනානායක, දියතලාව යුද හමුදා විද්‍යාපීඨයේ සේනාවිධායක බි්‍රගේඩියර් ප්‍රියන්ත සේනාරත්න මහත්වරුන් ඇතුළු යුද හමුදා නිලධාරීහු රැසක් එක්වූහ.

ඡායාරූප - උදේශ් ගුණරත්න
ජනාධිපති මාධ්‍ය අංශය

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon