පල්ලෙයිමඩුදී තරුණයන් දෙදෙනකුට අලියෙක් පහරදීලා

  👤  3517 readers have read this article !
By mawbima 2017-12-18

වවුනියාව - රසාදි චතුරංගි ගමගේ

යාපනය සංගුපිටිය මාර්ගයේ පල්ලෙයිමඩු ප්‍රදේශයේදී පෙරේදා (16දා) රාත්‍රි වල් අලියකු විසින් තරුණයන් දෙදෙනකුට පහරදී තිබේ.
වල් අලි ප්‍රහාරයෙන් බරපතළ ලෙස තුවාල ලැබූ තරුණයන් දෙදෙනා රෝහල් ගත කොට තිබේ.

මේ තරුණයන් දෙදෙනා රාත්‍රි 7ට පමණ තවත් මිතුරකු හමුවීම සඳහා පාපැදියකින් යමින් සිටියදී පොද වැස්සකින් බේරීමට ඔවුන් දෙදෙනා පාපැදියෙන් බැස ගසක් යටට වී සිට ඇත.
කැලයේ සිට පැමිණි වල් අලියකු එක් තරුණයකුට පහරදී ඇති අතර ඒ අවස්ථාවේදී අනෙක් තරුණයා වල් අලියා දෙසට පාපැදිය තල්ලු කොට තිබේ. ඒ අවස්ථාවේදී වල් අලියා එම තරුණයාටද පහරදීම නිසා ඔහුගේ උරහිසට බරපතළ ලෙස තුවාල සිදුවී තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon