රියැදුරුට ලොරිය පාලනය කරගන්න බැරිව පාරෙන් ඉවතට පැනීමෙන් සහායකයා මියගිහින්

  👤  3259 readers have read this article !
By mawbima 2017-12-18

වවුනියාව - රසාදි චතුරංගි ගමගේ

යාපනය - මහනුවර ඒ - 9 මාර්ගයේ වවුනියාව පුලියන්කුලම ප්‍රදේශයේ 15දා සිදුවූ රිය අනතුරකින් පුද්ගලයකු මියගොස් තිබේ.
කොළඹ සිට යාපනය බලා ධාවනය වූ ලොරියක රියැදුරුට හෘදයාබාධයක් වැලඳීම නිසා ඔහුට ලොරිය පාලනය කරගැනීමට නොහැකිව එය පාරෙන් ඉවතට පැන ගසක වැදීම නිසා මේ අනතුර සිදුව තිබේ. මේ අනතුරෙන් මියගොස් ඇත්තේ ලොරියේ ගමන් කළ රියැදුරු සහායකයාය.
රියැදුරාද ප්‍රතිකාර සඳහා වවුනියාව මහ රෝහලට ඇතුළත් කොට තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon