මුලතිව් කේපාපිලව් ගමෙන් හමුදාව ඉවත්වීමෙන් පසු අයිතිකරුවන්ට ඉඩම් භාරදීම 28 වැනිදා

  👤  3567 readers have read this article !
By mawbima 2017-12-18

වවුනියාව - රසාදි චතුරංගි ගමගේ

මුලතිව් දිස්ත්‍රික්කයේ කේපාපිලව් ගම්මානයෙන් මේ වන විට යුද හමුදාව ඉවත් වී තිබේ.
යුද හමුදාව ඉවත් වූ ප්‍රදේශය අක්කර 15ක් පමණ වන අතර එහි කෝවිලක් හා පෙර පාසලක් යුද සමයේදී පිහිටා තිබූ අතර එම දේපළවලට කිසිදු හානියක් නැතැයි කේපාපිලව් ගම්මානයේ වැසියෝ කියා සිටිති.

මේ වැසියන්ට අයත් ඉඩම් අක්කර 420ක් ආපසු ඔවුන්ට ලබා දෙන ලෙස ඉල්ලා මුලතිව් කේපාපිලව් ගම්මානයේ වැසියන් විසින් මීට මාස 11කට පෙර සිට ආරම්භ කොට ඇති අඛණ්ඩ විරෝධතාව ඔවුන් මේ දක්වා අවසන් කොට නොමැත.

රජය විසින් වරින් වර අවස්ථා කීපයකදී මුලතිව් කේපාපිලව් ගම්මානයේ වැසියන්ට අයත් ඉඩම් අක්කර 112ක් පමණ මේ වන විට නිදහස් කොට තිබේ.
යුද හමුදාව ඉවත් වූ මේ ඉඩම ඒවායෙහි අයිතිකරුවන්ට භාරදීම දෙසැම්බර් 28 වැනිදා මුලතිව් කේපාපිලව් කෝවිල අසලදී සිදු කිරීමට නියමිතය.
මේ භූමියේ පවුල් 14ක් පදිංචිව සිටි අතර රජයේ යළි පදිංචි කරවීමේ වැඩපිළිවෙළ යටතේ ඔවුන්ව එම ගම්මානයේ යළි පදිංචි කරවීමටද මුලතිව් දිසාපතිවරයා පියවර ගෙන තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon