පොහොට්ටුවේ ශ්‍රී ලනිප මන්ත්‍රිවරුන් ගැන විමසිල්ලෙන්

  👤  4068 readers have read this article !
By mawbima 2017-12-18

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් පළාත් පාලන මැතිවරණයේදී සිදු කරන දේශපාලන ක්‍රියාකාරකම් සොයා බැලීම සඳහා මැතිවරණ කොට්ඨාසයකට එක් පුද්ගලයකු බැගින් පත් කරන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා එම පක්ෂයේ ජේ‍යෂ්ඨ නායකයන් පිරිසකට උපදෙස් ලබාදී ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ අනුව මැතිවරණ ප්‍රචාරක රැස්වීම්වල සහභාගි වන එම මන්ත්‍රිවරුන්ගේ හඬපට ලබාගැනීම, ඡායාරූප රැස් කිරීම, වීඩියෝ ගත කිරීම් සහ රැස්වීම්වලදී බෙදා හරිනු ලබන පත්‍රිකා එක්රැස් කිරීම ඔවුන්ට පැවැරෙන වගකීම්ය.

අදාළ තොරතුරු රැස් කිරීමෙන් අනතුරුව සතිපතා ජනාධිපතිවරයාට වාර්තාවක් ලබාදීමට නියමිත බවද වාර්තා වෙයි. මැතිවරණය අවසන් වීමෙන් අනතුරුව පක්ෂයට එරෙහිව විනය කඩ කිරීමේ චෝදනා මත ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ශ්‍රී ලනිප පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් මෙන්ම එහි ජේ‍යෂ්ඨ සාමාජිකයන්ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීම සඳහා ද එම වාර්තා යොදා ගැනෙනු ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon