පොහොට්ටුවේ ප්‍රචාරක වැඩ ගැන හෙට සාකච්ඡාවක්

  👤  3647 readers have read this article !
By mawbima 2017-12-18

ශ්‍රී ලංකා පොදු පෙරමුණ පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් සිදුකරන ජනරැලි සහ සියලු ප්‍රචාරක කටයුතු පිළිබඳව විශේෂ සාකච්ඡාවක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (19දා) සවස 6.00ට කොළඹ 07 විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවසේදී පැවැත්වීමට නියමිතයි.
පළාත් පාලන ආයතන ජයග්‍රහණය කිරීමේ සැලැස්ම සහ සියලු ආකාරයෙන් සිදු කෙරෙන මැතිවරණ ප්‍රචාරක කටයුතු ගැන මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට නියමිත බව ඒකාබද්ධ විපක්ෂයේ ජේ‍යෂ්ඨ නියෝජිතයකු 'මව්බිම'ට ප්‍රකාශ කළේය.

දැනට සිදුකර තිබෙන සැලසුම් වෙනුවෙන් මැතිවරණ මෙහෙයුම් කමිටු කිහිපයක්ද පත් කිරීමට නියමිත බවද වාර්තා වේ.
ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහයෝගය පළකරන පක්ෂ ඇතුළු ආණ්ඩු විරෝධී බලවේග රැසක නායකයන් මෙම විශේෂ සාකච්ඡාව සඳහා සහභාගි වන බවද ඒකාබද්ධ විපක්ෂයේ එම ජේ‍යෂ්ඨ නියෝජිතයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon