පළාත් පාලන ආයතන 248කට අද සිට නාම යෝජනා

  👤  3638 readers have read this article !
By mawbima 2017-12-18

ජේ. ටී. ද සිල්වා

පළාත් පාලන ආයතන 248ක් වෙනුවෙන් ඡන්දය විමසීම සඳහා නාම යෝජනා පත්‍ර භාර ගැනීම අද (18දා) ආරම්භ කෙරේ.

නාම යෝජනා පත්‍ර භාර ගැනීම ලබන 21දා දහවල් 12.00ට අවසන් වෙයි.
එම පළාත් පාලන ආයතන සඳහා ඇප මුදල් තැන්පත් කිරීම 20දා දහවල් 12.00ට අවසන් කෙරෙනු ඇත.
පසුගියදා නාම යෝජනා භාරගත් පළාත් පාලන ආයතන ඇතුළු ආයතන 341 සඳහා ඡන්ද වීමසීම සිදු කෙරෙන දිනය මැතිවරණ කොමිෂන් සභාව විසින් නාම යෝජනා භාරගැනීම් අවසන් වීමට පෙර බොහෝදුරට අද (18දා) ප්‍රකාශයට පත් කෙරෙනු ඇතැයි දැනගන්නට ඇත.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon