රටපුරා කළ විශේෂ මෙහෙයුමකින් සැකකරුවෝ 1,880ක් අත්අඩංගුවට

  👤  3551 readers have read this article !
By mawbima 2017-12-18

චාමර අමරසූරිය

දිවයින පුරා සිදු කළ විශේෂ පොලිස් මෙහෙයුමකදී වරෙන්තුකරුවන්, විවිධ අපරාධ සිදු කළ තැනැත්තන් ඇතුළු 1880ක් පෙරේදා (16දා) අලුයම් කාලයේ අත්අඩංගුවට ගත් බව පොලිස් මූලස්ථානය පවසයි.

මෙම මෙහෙයුමේදී රථවාහන නඩු 4472ක් ගැනීමට හැකි වූ බවද පොලිසිය පවසයි.
විස මත්ද්‍රව්‍ය සහ නීති විරෝධී මද්‍යසාර වැටලීම් 586ක්ද මෙම මෙහෙයුමේදී සිදු කර ඇත.
පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් මත පොලිස් නිලධාරීන් 14,706 දෙනකුගේ සහ පොලිස් නිල සුනඛයන් 10 දෙනකුගේ සහභාගීත්වයෙන් මේ මෙහෙයුම සිදු කර තිබේ.

පෙරේදා (16දා) අලුයම 1.00 සිට අලුයම 5.00 දක්වා මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර ඇත.
මෙම මෙහෙයුමේදී බීමතින් රිය පැදවීම් අත්අඩංගුවට ගැනීම් 501, වරෙන්තුකරුවන් අත්අඩංගුවට ගැනීම් 559, විවිධ අපරාධයන්ට සැකපිට පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම් 722, විවිධ අපරාධ සඳහා අවශ්‍ය කරන පුද්ගලයන් 92, නීති විරෝධී ගිනි අවි අත්අඩංගුවට ගැනීම් 06ක් සිදුකර තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon