අනුරගෙන් සහතිකයක්

  👤  3325 readers have read this article !
By mawbima 2017-12-18

කිසිවකුට පක්ෂග්‍රාහී නොවී ස්වාධීන මැතිවරණයක් පැවැත්වීම සඳහා රාජකාරි කරන රාජ්‍ය නිලධාරීන්ට දේශපාලනඥයන්ගේ බලපෑමක් එන්නේ නම් ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ජවිපෙ පෙනී සිටින බවට එහි නායක, පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක සහතික වෙයි.
එම නිසා මෙවර පළාත් පාලන මැතිවරණය ස්වාධීනව පැවැත්වීමට අවශ්‍ය රාජකාරිය නොපිරිහෙළා ඉටුකිරීමට සියලු රාජ්‍ය නිලධාරීන් කටයුතු කරන්නැයි දිසානායක මහතා ඉල්ලීමක් කරයි.

ඊයේ (17දා) කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැති පළාත් පාලන අපේක්ෂක මහ සමුළුවේදී මන්ත්‍රිවරයා මේ ඉල්ලීම කළේය.
සෑම මැතිවරණයකදීම මැතිවරණ අයථා ක්‍රියාමාර්ගවලට රාජ්‍ය දේපළ හා රාජ්‍ය නිලධාරීන් උපයෝගී කරගන්නා බවත් එසේ උපයෝගී වූ බොහෝ නිලධාරීන්ට ඇතැම් විට රට හැර යෑමටත් තවත් පිරිසකට සිරගත වීමටත් සිදුවූ බවත් ඔහු පෙන්නා දුන්නේය.

කෙසේ නමුත් අපක්ෂපාති මැතිවරණ ක්‍රියාවලියකට කටයුතු කරන රාජ්‍ය නිලධාරීන්ට දේශපාලනඥයන්ගෙන් යම් පීඩාවක් සිදුවන්නේ නම් එහි වගකීමද තම පක්ෂය ගන්නා බව හෙතෙම වැඩිදුරටත් කීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon