ආචාර ධර්ම පද්ධතියක් ජවිපෙ සමුළුවේදී ප්‍රකාශයට

  👤  3259 readers have read this article !
By mawbima 2017-12-18

අනුරාධා හේරත්

"ගම ගොඩ නඟන - දූෂණය පරදන ජවය" ජ.වි.පෙ. පළාත් පාලන අපේක්ෂක ජාතික මහ සමුළුව ඊයේ (17දා) කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී අති විශාල පිරිසකගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

පක්ෂයේ සියලු නායකයන් හා දිස්ත්‍රික් නායකයන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සමුළුවට දිවයිනේ සියලු ප්‍රදේශ නියෝජනය කරමින් අපේක්ෂකයන් ඇතුළු පක්ෂ සාමාජිකයෝ රැස්ව සිටියහ.

එහිදී පළාත් පාලන මැතිවරණයේ අපේක්ෂකයන් වෙනුවෙන් සැකසුණු ‍ෙදාළොස් වැදෑරුම් ආචාර ධර්ම පද්ධතිය ප්‍රකාශයට පත්වීම සිදුවිණි.
මෙවර මැතිවරණයට තරග වැදීමේ අපේක්ෂකයන් ලෙස විද්වත් වෘත්තිකයන්, ශ්‍රී ල.නි.ප. හා එ.ජා.ප. හිටපු සාමාජිකයන් සිටීම විශේෂත්වයකි.
සමුළුවේදී පක්ෂ නායක අනුර දිසානායක විසින් පසුගිය පළාත් පාලන ආයතනවල මන්ත්‍රිවරුන් හා සභාපතිවරුන් කළ අපරාධ හා වංචා පිළිබඳ කරුණු සහිත ප්‍රවෘත්ති කිහිපයක්ද ඉදිරිපත් කළේය.

ඡායා- කැළුම් චාමර

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon