මේ ගැන මින් ඉදිරියට කතා එපා ව්‍යාපෘතිය කරන්නේ නැහැ

  👤  3474 readers have read this article !
By mawbima 2017-12-17

නාගරික ගංවතුර පාලනය සඳහා කරපු යෝජනාවක්. තවත් ගංගා රාශියක් යෝජනා වෙලා තිබුණා. මේ ව්‍යාපෘතිය කළොත් ඇතිවන සමාජීය හා භෞතිකව සිදුවන බලපෑම් මොනවාද කියා සොයා බලන ශක්‍යතා වාර්තාව ගැනීම සඳහා වූ යෝජනාවක්. තවම ශක්‍යතා අධ්‍යයන මට්ටමේ තිබෙන්නේ. නාය යෑම් නිසා අවතැන් වූවන්ගේ ප්‍රශ්නයවත් තවම 100%කින් විස¼දාගන්න බැරි වෙලා තියෙන්නේ. මේවා දැන් ජනාකීර්ණ ප්‍රදේශ. මිනිසුන් විතැන් කිරීම අපහසුයි. ගහකොළට භූමියට බැඳුණු පාරම්පරික ග්‍රාමීය ජනතාව ඉන්නේ. මේ තත්ත්වය මම පැහැදිලි කළාට පසුව කැබිනට් මණ්ඩලයට පැහැදිලිවම එකඟ වුණා ජනතා විරෝධයක් තිබෙනවා නම් කිසිසේත්ම ඉදිරියට ගෙන යන්නේ නැහැ කියලා. අය වැය පිළිතුරු කතාවෙනුත් මේ සම්බන්ධව මංගල ඇමැතිතුමා කීවා ජනතාව අකැමැති නම් කිසිසේත්ම ඒක කරන්නේ නැහැ කියලා. කැබිනට් ඇමැතිවරු දෙදෙනා වශයෙන් මමත් කබීර් හෂීම් ඇමැතිතුමත් මාධ්‍ය හා ප්‍රදේශයේ ජනතාව කැඳවලා පැහැදිලිවම කීවා මේකට ඉඩ දෙන්නේ නැහැ කියලා. දිස්ත්‍රික් කමිටුවේදීත් ඒ තීරණය නිල වශයෙන් ගැනීමට නියමිතයි. ජනතාව බියවිය යුතු නැහැ. ඡන්දයක් තිබෙන සමයක් විදිහට වෙනම පිරිසක් ගොඩ නැඟිලා ඉන්නවා වෙනම ප්‍රචාරයක් යවන්න. මම දිස්ත්‍රික් සංවර්ධන සමිතියේ සම සභාපති. කැබිනට් එකේ මේ පිළිබඳව කරුණු දැක්වූ ඇමැතිවරයා ලෙස මේ ගැන මින් ඉදිරියට කතා කරන්න අවශ්‍ය නැහැ. මේක කෙරෙන්නේ නැහැ.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon