මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ

  👤  3451 readers have read this article !
By mawbima 2017-12-17

ගලිගමුව දැදිගම මැතිවරණ කොට්ඨාස දෙකටම බලපාන ආකාරයට ජලාශ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන බවට ලොකු ප්‍රශ්නයක් ඇති වෙලා තිබුණා පහුගිය දිනවල. මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙනවා නම් කෑගල්ල දිස්ත්‍රික්කයේ ගම්මාන විශාල ප්‍රමාණයකට බලපෑමක් සිදුවන බව පෙනී ගියා. ඒ අනුව මමත් රංජිත් සියඹලාපිටිය ඇමැතිතුමාගෙත් මැදිහත්වීමෙන් මංගල සමරවීර ඇමැතිතුමා අය වැය විවාදය අවසන් වන දිනයේ එතුමාගේ ප්‍රකාශය ඉදිරිපත් කළා. එය ශක්‍යතා වාර්තාවක් පමණයි. ඒ ව්‍යාපෘතිය හරහා යම් බලපෑමක් ඒ ප්‍රදේශවලට සිදුවෙනවා නම් ඒක ක්‍රියාත්මක කරන්න ඉඩ තියන්නේ නැහැ. මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ වගේම කෑගල්ල දිස්ත්‍රික්ක සංවර්ධන කමිටුවේදී මෙවැනි ව්‍යාපෘතියක් ගැන සාකච්ඡා කරලා නිර්දේශ කරලත් නැහැ. මම කෑගල්ල දිස්ත්‍රික්කයේ මහජන නියෝජිතයකු හැටියට අපි මේ ගැන සාකච්ඡා කරලත් නැහැ. ඒ වගේම මම මේ ව්‍යාපෘතියට විරුද්ධයි. කිසිසේත්ම මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. අපේ ප්‍රදේශයේ එක නිවෙසකට හරි හානියක් වෙනවා නම් ඒකට ඉඩ තියන්නේ නැහැ.

කියන්න කනගාටුයි ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායම එල්ලෙන්න වැලක් නැති වෙලාවක පළාත් පාලන මැතිවරණය ඉලක්ක කරගෙන පන්සල්වලටත් ගිහින් ස්වාමින් වහන්සේලාටත් වැරැදි පණිවුඩයක් දීලා විවිධ දේශපාලනඥයන් කරන්නේ කියලා මම තමයි මේ ව්‍යාපෘතිය යෝජනා කළේ කියලා අසත්‍ය තොරතුරු කියාගෙන යනවා.
මේ යෝජනාව අය වැයට දානකොට මම දන්නෙත් නැහැ. මේ යෝජනාව නවත්වන්න මම මැදිහත් වුණා.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon