ලංකාවේ හොඳම තේ වත්ත ලෙස අංක එකට කප් ගහපු කැටපල වත්ත පින්තාරු සිත්තමක් වගේ

  👤  3983 readers have read this article !
By mawbima 2017-12-17

දහ නව වැනි සියවසේ ලංකාව ලෝක තේ වෙළෙඳපොළේ ප්‍රමුඛයා ලෙස කීර්තිය දිනා සිටියේය. ජේමිස් ටේලර් බි්‍රතාන්‍යයේ සිට ලංකාවට පැමිණ පේරාදෙණිය තේ පැළ තවාන ආරම්භ කරන විට ඔහු 21 හැවිරිදි තරුණයෙකි. 1867දී ඔහු මහනුවර ගලහ පාරේ ලූල්කඳුර වත්තේ අක්කර 19ක තේ සිටුවීම මෙරට තේ වගාවේ ආරම්භය වූයේය. 1872දී ජේම්ස් ටේලර් ලංකාවේ ප්‍රථම තේ කාර්මාන්ත ශාලාව ආරම්භ කළේය. 1871දී ලන්ඩන් තේ වෙළෙඳපොළට ඛ්ඥරතධද බඥච මෙරට තේ හඳුන්වා දෙන ලද්දේ තෝමස් ලිප්ටන් විසිනි. මෙරට තේ 20 වැනි සියවස මුල්භාගයේ කොතරම් ප්‍රකට වීද යත් යුරෝපා ජාතීන් විසින් ලංකාව සලකන ලද්දේ ලිප්ටන්ගේ තේ වත්ත ලෙසිනි.

ලන්ඩන් තේ වෙළෙඳපොළ 1934 වර්ෂයේදී 'සිලෝන් තේ' ප්‍රචාරය සඳහා කෙටි චිත්‍රපටයක් නිෂ්පාදනය කරන්නට තීරණය කළ අතර එවකට ලෝකයේ ප්‍රකට චිත්‍රපට අධ්‍යක්ෂවරයකු වූ බැසිල් රයිට් ලංකාවට පැමිණ (ලංකා ගීතය 'ඉධදඨ ධට ඛ්ඥරතධද) නමින් අතිශය සුන්දර චිත්‍රපටයක් නිෂ්පාදනය කළේය. මෙරට තේ එකල යුරෝපා තේ වෙළෙඳපොළෙහි බලය හිමිකර ගෙන සිටියේය. බි්‍රතාන්‍ය රන් පවුම් සමාගම් විශාල ප්‍රමාණයක් මධ්‍යම කඳුකරයේ තේ වගාව ආරම්භ කළ අතර හෙක්ටයාර හාර ලක්ෂයකට අධික භූමි ප්‍රමාණයක් තේ වගාව විසින් අත්පත් කර ගනු ලැබ තිබිණි.

අද තත්ත්වය ඊට හාත්පසින්ම වෙනස්ව තිබේ. 1974දී තේ වගාව හා කර්මාන්තශාලා රජයට පවරා ගත් අතර 1996දී තේ වතු පෞද්ගලික සමාගම්වලට 50 අවුරුදු කාලයක් සඳහා බදු දෙන ලදී. වර්තමානයේ දේශීය තේ අපනයනය මෙටි්‍රක් ටොන් මිලියන 300කි. මේ වන විට දේශීය තේ නිෂ්පාදනයෙන් වතු සමාගම් දායක වවන්නේ 40%ක ප්‍රමාණයකටය. ඉතිරි 60%ක තේ නිෂ්පාදනයට උර දෙන්නේ පහතරට කුඩා තේ වතු හිමියන්ය.

තේ කර්මාන්තයේ අතීතය සැකෙවින් දක්වතොත් එපරිද්දෙනි. තේ නිෂ්පාදනය කෙරෙන රටක් ලෙස ලංකාවේ ගෞරවය ආරක්ෂා කරනු ලබන්නේ පහත රට තේ නිෂ්පාදකයා විසිනි. තේ කර්මාන්තයෙහි වර්තමානය සුබවාදී එකක් වන්නේ මධ්‍යම පරිමාණ තේ වගාකරුවන් තේ වගාව ජාතික වගකීමක් ලෙස සලකා ඒ වෙනුවෙන් සිදුකරන මහත් කැපවීම නිසාය. වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා තේ මණ්ඩලය විසින් සංවිධානය කරන ලද 2017 ජාතික තේ සම්මාන උළෙල පසුගියදා නෙලුම් පොකුණ රඟහලේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර එහිදී ශ්‍රී ලංකාවේ හොඳම තේ වතුයාය තේරීමේ තරගාවලියේ මධ්‍යම පරිමාණ (අක්කර 10-50) අංශයේ ජාතික මට්ටමේ ප්‍රථම සම්මානය හිමිකර ගන්නා ලද්දේ අතුකෝරල සමූහ ව්‍යාපාරයට අයත් 'කැටපල' තේ වත්ත විසිනි. ශ්‍රී ලංකාවේ හොඳම තේ කර්මාන්ත ශාලාව තේරීමේ තරගාවලියෙන් අතුකෝරල සමූහ ව්‍යාපාරයේ පිටිගල තේ කර්මාන්ත ශාලාව හිමිකරගෙන තිබිණි.

වර්තමානයේ තේ කර්මාන්තයේ ජීවනාලිය වන්නේ මෙවැනි දේශීය තේ ව්‍යවසායකයන් බව රහසක් නොවේ. ඉකුත් දිනෙක අපි ලංකාවේ හොඳම තේවත්ත බලන්නට ගියෙමු. ඒ නුවරඑළියට හෝ තලවකැලේට නොවේ. ගාල්ලටය. දකුණටය. කොළඹින් පැය එකහමාරකටත් අඩු කාලයකින් අප ළඟා වූයේ අසිරිමත් තේ උද්‍යානයකටය. කැටපල වත්ත තේ යාය පුරා පැතිරුණු ඇසට පෙනෙන මානය තෙක් දුර විහිදෙන හරිත පැහැ තේ යායේ විසුල පිනිකැට අරුණෝදයේ රිවි කිරණ වැටී දිලෙමින් තිබිණි.

තේ දලු සිප හමන මඳ පවන නැවුම් දවසක ප්‍රබෝධය ගතට ළං කෙළේය. කැටපල තේ වත්ත ධ්ඉර්ණී 22000 ඩ්ඒඛ්ඛ්ර්ථී, ඡ්ඊර්ථී ආදී සියලුම තත්ත්ව සම්මාන හිමිකරගෙන තිබේ. එය කෙසේ වෙතත් අප දුටුවේ සෑම තේ දල්ලක්ම සෑම ගසක්, මාවතත්, අතුරු වගාවක්වත් ඉතාමත් සංවිධිත ආකාරයට සකස් වූ අඳින ලද සිත්තමක් වැනි අපූරු තේ වත්තකි. අපේ පැමිණීම ගෞරවයෙන් සලකමින් අප පිළිගත් අතුකෝරල සමූහ ව්‍යාපාරයේ වර්තමාන සභාපති අනුර අතුකෝරල මහතා දුටු විට මෙවැනි නැවුම් තේ උයනක අසිරිය තුළ සැඟවුණු රහස අපට නිරායාසයෙන්ම දැනුණි. ඒ අන් කිසිවක් නොව ඔහු මුව මත විසිරුණු මහත් ප්‍රසන්න සිනහවයි. කැටපල වත්ත සියයට සියයක්ම කාබනික පොහොරින් නඩත්තු වන වත්තකි. අක්කර 22කින් යුතු වත්ත තේ වගාව හැරුණු විට පොල්, රබර්, කුරුඳු හා පලතුරු වගාවටද යොදා ගනිමින් බෝග විවිධාංගීකරණය පවත්වා ගෙන යන අන්දම ඉතා අපූරුය.

කාබනික පොහොර භාවිතය නිසා තේ වගාව සරුසාරය. වත්ත වටා දිවෙන තණනිල්ල පැහැපත්ය. මාවත දෙපස සැවැන්දරා ශාකය ක්‍රමානුකූලව සිටුවා තිබේ. සියල්ල ප්‍රමිතීන්ට අනුව පවත්වා ගෙන යෑමට මාර්ගෝපදේශය දෙනු ලබන්නේ කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ තේ පරීක්ෂක ව්‍යාපෘති නිලධාරි අශෝක හේවාවසම් මහතා විසින් බව ඒ මහතා හඳුන්වා දෙමින් අනුර අතුකෝරල මහතා අප සමඟ පැවැසීය. අශෝක හේවාවසම් මහතා සඳහන් කෙළේ. 'පසත් ගසත් සුරකිමු පණමෙන්' තේමාවෙන් තේවත්ත පවත්වාගෙන යෑම ජයග්‍රහණ පිට ජයග්‍රහණ හිමිවීමේ එකම රහස බවය. සියලු පාරිසරික සාධක විශ්ලේෂණය කොට වගා බිමේ පසට උචිත තේ ක්ලෝන ලෙස ඊඅධ් 2026, 2027, 2025 යොදා ඇති අතර පූර්ණ කාබනික වගාව ලෙස ඊඅධ් 2043 ක්ලෝනයද යෙදූ බව අශෝක මහතා පැහැදිලි කෙළේය. නියමිත සෙවණ ශාක සිටුවීම හා නඩත්තු කිරීම නිසිකලට නිසි වේලාවට සිදු කිරීමත් අතුරු බෝග වගාවන් ලෙස පුවක්, ගම්මිරිස් පවත්වා ගන්නා අයුරුත් ඒ මහතා වතු යායේ ඇවිද යමින් අපට පෙන්වීය. දකුණු පළාතේ හොඳම තේ දලු නෙළන්නිය කැටපල තේ වත්තේදී හමුවන්ටද ලැබීමද, තේ නෙළන විධිමත් කඩිසර ලාලිත්‍යය දකින්නට ලැබීමත් අප ලද මහඟු අවස්ථාවකි. ඇය නමින් අයි. ජී. රම්‍යලතා
අනුර අතුකෝරල මහතා සඳහන් කළේ සොබාදහමට කිසිම කෘත්‍රිම බාධාවකින් තොරව නිදහසේ පවතින්නට ඉඩදීම වත්තේ රමණීයත්වයට පිටිවහලක් වූ බවයි. සංචාරක ව්‍යාපාරයට ‍ෙදාර කවුළු හැර තිබෙන බැවින් විදේශිකයන්ටද කැටපල වත්තට පැමිණ තේ දල්ලක පහස විඳ තේ වගාවේ ක්‍රියාකාරකම්වල අත්දැකීමද ලබා යන්නට අවකාශ සලසා තිබිණි.

කැටපල තේ වත්ත නැරැඹීමෙන් අනතුරුව අනුර මහතා අප කැටුව ගියේ පිටිගල පිහිටා ඇති අතුකෝරල සමූහ ව්‍යාපාරයට අයත් තේ කර්මාන්ත ශාලාව වෙතය. තේ කර්මාන්ත ශාලාවේ දිනකට තේ දලු කිලෝ 10,000ත් - 12,000ත් අතර ප්‍රමාණයක් යොදා ගනිමින් නිමි තේ කිලෝ 40,000- 50,000ක් අතර ප්‍රමාණයක් නිපදවයි. ඉහළම ගුණාත්මක තත්ත්වයෙන් වෙළෙඳනාම 3ක් යටතේ තේ නිපදවමින් කොළඹ තේ වෙන්දේසියේ වාර්තා ගත මිල ලබාගැනීමට පිටිගල තේ කර්මාන්ත ශාලාව සමත්ව සිටී. පිටිගල තේ කර්මාන්ත ශාලාව නිපදවන තේ ආයතනය මඟින්ම අපනයනය කිරීම ආරම්භ කොට ඇති අතර දැනටමත් චීනයට හා ජපානයටත් යුරෝපයටත් තේ තොග නිකුත් කරයි. ඒබඩභඬධපචතච ට්පධභන ඉභනඥප, ඒබඩභඬධපචතච ට්පධභන හා ච්එඒ ට්පධභන යන වෙළෙඳනාම තුන යටතේ තේ තැරැව්කරුවන් වෙත අලෙවි වේ. අනෙකුත් නිෂ්පාදන අතර යන්ත්‍රානුසාරයෙන් බැහැර වී අතින් සකසන තේ වර්ග නූතන වෙළෙඳපොළට ඔවුහු සාඩම්බරයෙන් ඉදිරිපත් කරති. ඒබඩභඬධපචතච ඉඪතමඥප ඊඪනඵ, ජ්තධඹඥප, ඛ්ඩචඬපච හා ට්ධතඤඥද ඊඪන ඒ අතර වේ. නිෂ්පාදිත තේ වර්ග අතර දේශීය පාරිභෝගිකයන් සඳහා ග්‍රෑම් 200, 400 තේ ඇසුරුම් හා ග්‍රෑම් 100 සැෂේ ඇසුරුමක්ද නිකුත් කරයි. ඉඟුරු, පිච්චමල් හා කුරුඳු රස තේ වර්ගද පාරිභෝගික ඉල්ලීම් අනුව ලබාදේ.

තේ කර්මාන්ත ශාලාවට නුදුරින් පිහිටා ඇති කුරුඳුවත්ත විලා සංචාරකයන් සඳහාම නිමවූ සුන්දර නිකේතනයකි. එහි මාලයෙන් මාලය ඉහළ නැඟී අප අවසානයේ නතර වූයේ සුවිසල් නැරඹුම් වේදිකාවකය. ගන නීල කඳුයාය තේ, රබර් හා වන වදුලින් වැසී තිබෙන දසුන. එහි පැමිණෙන සංචාරකයන්ට සිහිගන්වන්නේ රට මැද කඳුකරයේ අපූර්වත්වයයි. මේ සියල්ල නරඹා අවසානයේ අපට හැඟී ගියේ අතුකෝරල සමූහ ව්‍යාපාරයේ සභාපති අනුර අතුකෝරල මහතා රට යායුතු අත නිවැරැදිව දැන හැඳින ගත් දැයට ළැදි යුගයේ කුඩා පරිමාණ ව්‍යවසායකයන්ගේ පෙරගමන්කරුවකු බවය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon