මගේ සාර්ථකත්වයෙන් 90 % ක්ම බිරියට අයිතියි

  👤  3732 readers have read this article !
By mawbima 2017-12-17

අපිට සුවිශේෂී පුද්ගලයෙක්ව මුණගැහෙන්න යෙදිලා තිබුණා. නමුත් ඔහු ඉතාම කාර්ය බහුල පුද්ගලයෙක් නිසා ඔහුව මුණගැසෙන නිශ්චිත ස්ථානයක් සම්බන්ධයෙන් ඔහුට ස්ථිර අදහසක් තිබුණේ නැහැ. එබැවින් ඔහු වෙනත් කාර්යයකට බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවට පැමිණි මොහොතක අපිට ඔහුව මුණ ගැසෙන්න අවස්ථාව හිමිවුණා.
පෙනුමින් ඔහු හරිම ප්‍රියමනාප පුද්ගලයෙක් කතාවෙහි සැබෑ දක්‍ෂයෙක්. සුදු කමිසයත්, කළු කලිසමත් ඊට ගැළපෙන කළු බ්ලේසරයත් ඔහු පිරිසුදුව, පිළිවෙළට අඳින පුද්ගලයෙක් බවට තහවුරු කළා.

මිනිසුන්ගේ සිතුම් පැතුම් යහපත් අතට වෙනස් කරන්න ඔහු දක්වන්නේ මනා හැකියාවක්
ඔහු දශක තුනකට වඩා ව්‍යාපාර කළමනාකරණ ක්‍ෂේත්‍රයේ අත්දැකීම් ලැබූුවෙක්. වසර 15ට වඩා ඉහළ කළමනාකාර තනතුරු දැරුවෙක්. ඔහු හොඳ උපදේශකයෙක්, දක්‍ෂ කතුවරයෙක්, සන්නිවේදකයෙක්. වර්තමානය වන විට ඔහු පූර්ණකාලීනව උපදේශන කාර්ය භාරයේ නිරත වුණත් ඔහු ඊට පෙර වගකිවයුතු තනතුරු රැසක් දැරූ පුද්ගලයෙක්.
ඒඍධ්ඍඒ ව්ච්ඕ රක්‍ෂණ සමාගමේ හිටපු කළමනාකාර අධ්‍යක්‍ෂවරයෙක් වුණු ඔහු සම්පත් බැංකුව, සිංගර් ශ්‍රී ලංකා සමාගම, පෑන් ඒෂියන් පවර් සමාගම, හේමාස් වැනි සමාගම්වල හිටපු ස්වාධීන අධ්‍යක්‍ෂවරයෙක්.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ලබාගත් ඔහු ඇමෙරිකාවේ ආර්.එල්.බී. පුහුණු ආයතනයේ උපදේශකයෙක්ද වනවා. ලංකාවේ ව්‍යාපාර ලෝකයට සිංහල පතපොත නුහුරුව තිබූ යුගයක ශ්‍රී ලාංකේය ව්‍යාපාරික ලෝකයට ඔහු සම්පාදනය කළ සිංහලෙන් බිස්නස් නම් පොත් පෙළ සුවිශේෂී වේ. මේ වන විට ව්‍යාපාර කළමනාකරණ විෂය හා සම්බන්ධව කෘති හා බෞද්ධ දර්ශනය පිළිබඳ කෘති 15ක්ද ඔහු රචනා කොට තිබේ. සන්නාමය, පාරිභෝගික සත්කාරය වැනි වචන සිංහල ව්‍යාපාරික ප්‍රජාවට හඳුන්වා දුන් දීපාල් සූරියආරච්චි මහතා මේ ආකාරයට තමයි කඩඉම හා සම්බන්ධ වුණේ.

ඔබේ අතීත අත්දැකීම් සහ අතීත ජීවිතය ගැන තිබෙන්නේ මොන වගේ හැඟීමක්ද?
අතීතය ගැන කතා කරද්දී මට තියෙන්නේ සතුටක්. ගොඩක් අය මාව මුණගැසුණම සහ මාව ඉන්ටර්වීව් කරන්න ආපුවහම අහන ප්‍රශ්නයක් තමයි දීපාල් ඔයා මෙතැනට එන්න ගොඩක් දුක් වින්දාලු නේද කියලා. මම එතකොට ඒ අයට උත්තර දෙන්නේ" නැහැ, මට කවදාවත් මම දුක් වින්දා කියලා මතක නැහැ. මම එහෙම දෙයක් ඇත්තටම දන්නේ නැහැ" කියලයි. ඒ හැම යුගයකම හැම කාල වකවානුවකම මම හිටියේ සතුටින්. ඒ හැමදේම සාපේක්‍ෂයිනේ. පසුකරපු හැම කාලයකින්ම මම කුමක් හෝ අත්දැකීමක් සහ දැනුම් සම්භාරයක් සමඟ ලොකු ජීවිතාවබෝධයක් ලබා ගත්තා. ඒ නිසා මම ඒ හැම දෙයක් ගැනම අද උපරිමයෙන් තෘප්තිමත්.

සාර්ථකත්වය කියන දේ අර්ථ දක්වන්න පුළුවන්ද?
බොහෝ දෙනෙක් හිතන්නේ සාර්ථකත්වය කියන දේ අත්පත් කරගන්න පුළුවන් දෙයක් කියලයි. නමුත් මම නම් හිතන්නේ එය තමාට හැඟෙන දෙයක් කියලයි. ඒ කියන්නේ යම් දෙයක් කළාට පස්සේ ඒ දේ ගැන තමාට සතුටු හිතෙනවා නම් අන්න ඒක තමයි සාර්ථකත්වය කියලා මට හැඟෙන දේ. සාර්ථකත්වය ගැන මට නිර්වචනයක් තිබෙනවා. එය කරුණු හතරක් ඔස්සේ විග්‍රහ කළ හැකියි.

1. ඇත්ත - ඒ කියන්නේ මට යමක් කරන්න පුළුවන් කියන දේ.
2. හැක - හැක කියන්නේ තමන්ට අවශ්‍ය දේ කරන්න පුළුවන් හැකියාව.
3. නැත - ඉන් අදහස් වෙන්නේ ණය නැත යන්නය.
4. හරි - හරි කියලා කියන්නේ මම මේ දේ අත්පත් කර ගත්තේ මගේ හෘදය සාක්‍ෂියට එකඟව යන්නයි.
මම හිතන්නේ සාර්ථකත්වය කියන්නේ මේ මාන හතරම සම්පූර්ණ වුණාම දැනෙන හැඟීම. නමුත් මේක ගමනේ අවසානය කියලා හිතන්න බැහැ.
සාර්ථක වෙන්න සූත්‍රයක් එහෙම නැතිනම් නියමිත ක්‍රමවේදයක් තියෙනවද?

ඇත්තටම හරිම වැදගත් ප්‍රශ්නයක්. මොකද මාත් මේ දිනවල ඔය ගැන නිතරම හිතනවා. අපි බොහෝ වෙලාවට එක එක්කෙනා නිර්දේශ කරන සමීකරණ ඔස්සේ කටයුතු කරන්න තමයි උත්සාහ කරන්නේ. මෑත යුගලවල අපි දකිනවා සාර්ථක වෙන්නේ මෙහෙමයි කියලා. පොත් ලියනවා සහ අපි වගේ අය ඒ පිළිබඳව කතා කරනවා. එතකොට සමහරු හිතනවා. මේක තමයි ක්‍රමය කියලා. නමුත් අපි එකිනෙකාගේ ජීවිත වෙනස්. ඒ නිසා අපි මුලින් සොයා ගත යුතුයි තමන්ට අවශ්‍ය දේ කුමක්ද කියලා. ඉන්පසුව එය සාක්‍ෂාත් කරගන්න ගැළපෙන ක්‍රමය මොකක්ද කියලා සොයා ගත යුතුයි.

අපි සාර්ථකයි කියලා බොහෝ වෙලාවට නිගමනවලට එන්නේ වෘත්තීය ජීවිතයෙන් හෝ මූල්‍යමය අතින් සාර්ථක අය දිහා බලලයි. නමුත් සාර්ථකත්වය කියන්නේ එක් පැත්තකින් පමණක් සාර්ථක වීම නෙවෙයි. සමස්ත දිවියම සාර්ථක නම් තමයි ඒ පුද්ගලයා සාර්ථක කෙනෙක් විදියට අර්ථ දක්වන්න පුළුවන් වෙන්නේ. මේ නිසා අපිට බොහෝ විට සාර්ථකත්වය ගැන හොයන විට ලැබෙන්නේ අසම්පූර්ණ උත්තර. ඒ නිසා මම නැවතත් කියන්නේ ඉහතින් සඳහන් කළ මාන හතරම සම්පූර්ණ නම් පමණක් අපිට කෙනෙක් සාර්ථකයි කියන නිගමනයට එන්න පුළුවන් වෙන්නේ.

සාර්ථක වුණාට පසුව කොහොමද ඔබ ඔබේ වටිනාකම සහ ඔබේ වෙළෙඳපොළ හදා ගත්තේ?
මම නිතරම කළේ මට කරන්න තිබුණු දේ මට පුළුවන් උපරිමයෙන් සහ පුළුවන් තරම් හොඳම විදියට කිරීම. වෘත්තීය ලෝකයට පය තැබුවාට පසුව මම මූලධර්මයක් හදා ගත්තා. මම නිතරම හිතන දෙයක් තමයි මගේ අද දවස කියන්නේ මම ගෙවපු ඊයේ දවසේ ප්‍රතිඵලය සහ හෙට කියන්නේ මම ගෙවන අද දවසේ ප්‍රතිඵලය කියලා. ඒ නිසා මම අද දවසේ මට කරන්න තිබෙන දේ පුළුවන් උපරිමයෙන් කරනවා. එතකොට හෙට දවස යහපත් වෙනවා. මේක තමයි මම මගේ වෘත්තීය ජීවිතය පුරාම පාවිච්චි කරපු සිද්ධාන්තය. හරි දේ කරන කොට හරි ප්‍රතිඵල ලැබෙනවා. එතකොට අමුතුවෙන් වටිනාකමක් සහ වෙළෙඳපොළක් සොයාගෙන යන්න අවශ්‍ය වෙන්නේ නැහැ. එය නිරායාසයෙන්ම ලැබෙනවා.
ඔබේ වෘත්තීය ජීවිතය ඇසුරින් එය විග්‍රහ කරන්න පුළුවන්ද?

පුළුවන්, මට වයස අවුරුදු 20දී සේවය කළේ ර්ධධඵචණඥඥ ඉධදඵ කියන කම්පැනියේ සේල්ස් ක්ලාර්ක් කෙනෙක් විදියට. රුපියල් 385ක වැටුපකට තමයි මම එහි සේවය කළේ. ඒ මගේ පළමුවැනි රැකියාව. මම මගේ බොස් ගාමිණී රණසිංහ මහත්තයාගෙන් ඇහුවා සර් කොහොමද මැනේජර් කෙනෙක් වෙන්නේ කියලා. ඔහු මට දීපු උත්තරය තමයි මැනේජර් කෙනෙක් විදියට හිතන්න කියන එක. ඒක මගේ ජීවිතයට ලොකු පාඩමක් වුණු සිදුවීමක්. මම ඉන් පසුව නිතරම උත්සාහ කළා ආයතනය පැත්තෙන් හිතන්න. ආයතනය දියුණු කරන හැටි හිතන්න. මගේ තලයේම හිටපු සෙසු අය රැකියාව දිහා බැලුවට වඩා ඉසව් ගණනාවක් අෑතින් මට පෙනුණා ඒ සිතිවිල්ල නිතරම මම හිටපු මට්ටමෙන් ඔසවා තබන්න උදවු වුණා. මම රැකියාවේදී මට දීපු හැම අභියෝගයක්ම භාර ගත්තා අවදානම නොතකා. ඒ හැම තැනකදීම මම ඉදිරියේදී මට ලැබෙන ප්‍රතිඵලය ගැන හිතලා නෙවෙයි වැඩ කළේ. මට අවශ්‍ය වුණේ මට පවරන්නේ කුමන රාජකාරිය වුණත් එය ඉතා හොඳින් නිමකිරීමටයි.

ඔබ කියන විදියට ඔබ කවදාවත් අවසාන ප්‍රතිඵලය ගැන නොහිතා තමයි අභියෝග භාරගෙන තිබෙන්නේ, නමුත් ඔබට ඉන් හානි සිදුවෙන්න ඇති. බාධා ඇතිවෙන්න ඇති, කොහොමද දෙයක් කරගෙන යද්දී තමන්ට එයින් සිදුවන හානිය අවම කරගන්නේ?
ඇත්තටම ඉතින් ඒක ස්ථානෝචිත ප්‍රඥාව තමයි. සමහරු මගෙන් අහනවා දීපාල් ඔයාට කැපිලි තිබුණද කියලා. මම එතකොට කියන්නේ මම ඒ ගැන නම් දන්නේ නැහැ කියලයි. මොකද මම ඉතා දැඩිව විශ්වාස කරපු දෙයක් තමයි මාව කාටවත් කපන්න බැහැයි කියන දේ. කෙනෙක්ට එවන් වූ විශ්වාසයක් තිබෙනා තාක් ඒ කෙනාව වෙන කාටවත් කපන්නත් බැහැ. ඤඪඵතධඤඨඥ (තල්ලු) කරන්නත් බැහැ.

අපි වෘත්තීයමය ජීවිතයේදී යම් දෙයක් කරන්නේ තමන්ගේ නම බබළවා ගැනීමේ අරමුණින් නම් කවදාවත් අපිට අපේ නම බබළවා ගන්න ලැබෙන්නේ නැහැ. අපි නිතරම කරන්න අවශ්‍ය දේ තමයි තමන්ට ගෞරවය ලබා ගැනීමට දේවල් කරන එක පසෙක තබා ආයතනය පැත්තෙන් හිතලා කරන දේ කැපවීමෙන් කරන එක. එතකොට මිනිස්සු කියයි. ආහ්! මේ දේ කළේ අහවල් පුද්ගලයා කියලා. මේ තමාට පැවරෙන රාජකාරියෙන් තමන්ට වෙන අවාසිවලට වඩා තමන්ට ලැබෙන වාසි ගැන හිතුවොත් ඒ දේ අපිට තෘප්තියකින් සහ ආත්ම විශ්වාසයකින් කරන්න පුළුවන්. මම අභියෝග භාර ගනිද්දී මේකෙන් මට හානි වෙයිද කියලා කවදාවත් හිතුවේ නැහැ. කරන දේ උපරිමයෙන් කරපු නිසා ඒ හැම අභියෝගයකදීම මට හානි අවම කරගෙන ඉදිරියට යන්න පුළුවන් වුණා.

එතකොට කොහොමද වැඩ කිරීමේ ධාරිතාව සහ තමන්ගේ දුර්වලතා හඳුනා ගත්තේ?
ඇත්තටම ඇතැම් දුර්වලතාවන් තිබෙනවා. තමන්ගේ ප්‍රගමනයට බාධා කරන සහ අපිව පසුපසට අදින. අන්න ඒවා සිහි නුවණින් යුතුව හඳුනා ගත යුතුයි. මගේ පළමු රැකියාව කරන්න කොළඹ එනකොට මට හිතුණා මගේ ඉංගී්‍රසි දැනුම මදියි කියලා. මම තනියම ඉංගී්‍රසියෙන් හිතන්න පටන් ගත්තා. ඉංගී්‍රසි පත්තර කියවන්න පටන් ගත්තා. පසුව එයත් ප්‍රමාණවත් නොවුණු තැන මම කාර්යාලයෙන් ණයක් අරගෙන බි්‍රටිෂ් කවුන්සිලයට ගිහින් ඉංගී්‍රසි ඉගෙන ගත්තා. මම මගේ ඒ අඩුපාඩු හඳුනාගෙන මම ඒ අඩුව හදාගන්න උපරිමයෙන් කැප වුණා.

ඒ වගේම අනෙක් කාරණය තමයි තමන්ගේ ප්‍රගමනයට උදවු වෙන දක්‍ෂතා සහ හැකියා හඳුනාගෙන ඒවා දියුණු කරගෙන ඒවායෙන් නිසි ප්‍රයෝජන ගැනීම. මම ර්ධධඵචණඥඥ ඉධදඵ ඉද්දී ඔවුන් පොලිතීන් විකුණන්න අවශ්‍ය වෙළෙඳ දැන්වීමක් කරවගන්න ඇඩ්වර්ටයිසින් ඒජන්සියකට භාර දුන්නා. ඔවුන් අපේ ආයතන ප්‍රධානියාට සිංහල දැන්වීමක් ගෙනැවිත් දුන්නා. අපේ ආයතන ප්‍රධානීන්ගේ කතා කරන භාෂාව සිංහල නොවෙයි. ඔවුන් ප්‍රධාන තැන දුන්නේ ඉංගී්‍රසි භාෂාවට. ඒ නිසා දැන්වීමට ලොකු අවධානයක් නොදී මට කතා කරලා කිව්වා. දීපාල් සිංහල ඇඩ් එකක් තියෙනවා. මේක කියවලා හොඳද බලන්න කියලා.

මට ඉතා හොඳ ලිවීම් හැකියාවක් තිබුණු නිසා මට ඒ දැන්වීම එතරම් ආකර්ෂණීය වුණේ නැහැ. මම බොස්ට කිව්වා මේක මීට වඩා ලස්සනට ලියන්න පුළුවන් කියලා. ඉතින් ඔවුන් මට කිව්වා ලස්සනට ලියලා දෙන්න කියලා. මම ලිව්වා "ගිනි ගහන අව්වටත්, නා කපන වැස්සටත් සෙලෝ පැක් පොලිතීන් කියලා. මම ලියපු දැන්වීමකට ඒජන්සියෙ අය කැමැති වෙලා මගේ ලිවීමේ හැකියාව අගය කරලා ඔවුන් මට ඔවුන්ගේ දැන්වීම්කරණ ආයතනයේ කොපි රයිටින් කරන්න කතා කළා. මම රැකියාව කරන ගමන් ඒ ආයතනයේ පාර්ට් ටයිම් කොපි ලිව්වා. මට රුපියල් 385 වැටුපට අමතරව එක කොපියකට රුපියල් 1000ක් ලැබුණා. මම මගේ දක්‍ෂතාව හඳුනාගත් නිසයි මට එවැනි අවස්ථාවක් ලැබුණේ.
තමුන්ගේ සහජ දක්‍ෂතාව හඳුනාගෙන වැඩ කරන විට මහන්සියක් දැනෙන්නේ නැහැ. ඒ වගේම එයට කාටවත් බාධා කරන්නත් බැහැ.

ඕනෑම පුද්ගලයකුට ජීවිතයේ අසීරු කාල පරිච්ඡේදයන් හමුවෙනවා ඔබ එවැනි තත්ත්වයන් කළමනාකරණය කරගත්තේ කොහොමද?
ඒ දේවල් කෙරෙහි දක්වන ආකල්පය තමයි ප්‍රධානම දේ. මගෙන් බොහෝ දෙනෙක් අහනවා කොහොමද දීපාල් මෙහෙම වැඩ ගොඩක් කරන්නේ කියලා. මම ඒ අයට කියන්නේ මට තව ගොඩක් දේවල් කරන්න තිබුණානම් හොඳයි කියලයි. අපි යම් දෙයක් කරගන්න බැහැ කියලා හිතුවොත් කවදාවත් අපිට ඒ සඳහා වෙලාව ලැබෙන්නේ නැහැ. ඒ වගේම තමයි. කාර්යක්‍ෂම වීමත් අවශ්‍යයි ඒ දේවල් සමතුලිත කරගන්න. ලංකාවට පරිගණක ආපු කාලේ මම මට අවශ්‍ය දේ පරිගණකයෙන් කරගන්න මම ඉගෙන ගත්තා. ඇඟිලි දහය පාවිච්චි කරලා ටයිප් කරන්න ඉගෙන ගත්තා. ඒ විදියට කුසලතාවන් දියුණු කරගත්තම අපිට අසීරු අවස්ථා ජය ගත හැකියි.
ඒ වගේම ප්‍රධාන කාරණයක් තමයි අපි පුරුදු විය යුතුයි බැරි දේට බැහැයි කියන්නත් එහෙම නොවුණොත් වෙන්නේ එයින් අත්වන අයහපත් ප්‍රතිඵල තමන් වටා ඉන්න සියලුම දෙනාට බලපාන එක.

සාර්ථකත්වයට වඩාත් ඵලදායි විදියට ඉවහල් වෙන්නේ අනුගමනය කිරීමද අනුකරණය කිරීමද?
සුද්දා ලංකාවට අර්තාපල් හඳුන්වලා දුන්නා. අපි සුද්දා වගේ අර්තාපල්වලින් හැදුවේ මෑෂ් පොටැටෝ නෙවෙයිනේ. අපි අපේ ක්‍රමයට අපිට ගැළපෙන විදිහට අල තෙල් දාලා, අල කිරි හොදි හදලා, අල දෝසි හදලා කෑවා. අන්න ඒ වගේ තමයි අපි අනෙකාගෙන් දෙයක් අරගත්තට කමක් නැහැ අපේ විදියට අනුගත වෙලා. එතකොට ඒක තමන්ගේ ජීවිතයේ කොටසක් බවට පත්වෙනවා.

මම අර මුලින් කිව්වේ මට වෘත්තීය ජීවිතයට එක්තරා සිද්ධාන්තයක් තිබෙන බව අද දවස මගේ හෙට දිනයේ ප්‍රතිඵලයක් කියන ඒ සිද්ධාන්තය මට ලැබුණේ ජපන් පුද්ගලයකුගෙන්. මම ජපානයේ ගිය අවස්ථාවක එහි යම් ශ්‍රමදානයක් වගේ කටයුත්තකට සහභාගි වෙන්න ලැබුණා. මට නියනකින් ලීයක සිදුරක් හදන්න තිබුණා. මම ඒ වැඩේ කරන දිහා බලාගෙන හිටපු ජපන් තරුණයෙක් මගේ ගාවට ඇවිත් කිව්වා. ඛ්භබ ඕඥචභබඪටභතතර, ඕඥජචභඵඥ එධපඬ ඪඵ ර්ථීපචරඥප (ලස්සනට කපන්න, මොකද වැඩ කරනවා කියන්නේ පූජාවක් වගේ දෙයක්) කියලා. ඉතින් මට ඔහු කියපු දේ මගේ ජීවිතේට අරගෙන මට ආවේණික විදිහට මට ගැළපෙන මූලධර්මයක් හදාගත්තා. අපි අනෙකාව අනුගමනය කිරීමෙන්වත් අනුකරණය කිරීමෙන්වත් වැඩක් වෙන්නේ නැහැ. අන්‍යයන්ගෙන් ඉගෙන ගත් පාඩම් තමන්ගේ කර නොගන්නා තෙක්.
තමන්ට ආදර්ශයක් ගත හැකි පුද්ගලයන්ව ඇසුරු කිරීමෙනුත් ප්‍රතිඵලයක් නැද්ද?
ඇසුරු කිරීම ඉතාම වැදගත්. අපි සාර්ථක පුද්ගලයෙක්ව ඇසුරු කරනකොට එම පුද්ගලයාගේ සිතුම් පැතුම්, ක්‍රියාවන් අපේ සිතිවිලිවලට යම් යහපත් පෙලඹවීමක් ලබා දෙනවා. මම සිංහල සාහිත්‍යයෙන් උදාහරණයක් දෙන්නම්.

"ඉඳ ඉඳ එක වෙහෙර
විඳ විඳ දහම් මනහර
සිඳ බිඳ දුක් සසර
අහෝ දෙව්දත් නොදිටි මොක්පුර"
බලන්න මේ කවිය දේවදත්ත හාමුදුරුවෝ සිද්ධාර්ථ කුමාරයාගේ මස්සිනා. දේවදත්ත හිටියේ බුදුන්ගේම පන්සලේ, ඉගෙන ගත්තේ අනිත් ස්වාමීන්වහන්සේලා වගේම බුද්ධ වචනය, නමුත් දේවදත්ත කවදාවත් බුදුන් වහන්සේව ඇසුරු කළේ නැහැ. ඒ නිසා කවදාවත් දෙව්දත් තෙරට නිවන් යන්න වුණේ නැහැ. ඒ නිසා තමයි මම යහපත් ඇසුර ඉතා වැදගත් කියලා කිව්වේ.

නමුත් අපි යම් තැනකට ආවට පසුව අපේ ඇසුර පතාගෙන එන පුද්ගලයන් කොටස් දෙකක් ඉන්නවා. එක් කොටසක් අපේ තනතුරු, තානාන්තර, මිල මුදල් හා අපිට යමක් කරන්න පුළුවන් නිසා අපිව ඇසුරු කරන්න පෙලඹෙනවා. තවත් පිරිසක් ඉන්නවා සැබෑවට අපිට හිතවත්ව අපිව තේරුම් අරගෙන අපේ හෘදයාංගම බව හඳුනාගෙන අපිව ඇසුරු කරන. මේ දෙපිරිසෙන් පළමුවැනි පිරිස අපිට තිබෙන තනතුරු තානාන්තර නැති වෙනකොට ඉබේටම ඇසුරින් ඉවත් වෙනවා. අනෙක් පිරිස අපිට තනතුරු තානාන්තර නැති වුණත් අපේ හෘදයාංගම බවත් සමඟ ජීවිතය පුරාම අපි සමඟ ඉන්නවා.

එවැනි අත්දැකීම් ඔබටත් තිබෙනවාද?
මම අවිවා එන්.ඩී.බී. ආයතනයේ කළමනාකරණ අධ්‍යක්‍ෂවරයාව ඉඳලා තමයි පූර්ණ කාලීනව රැකියාවෙන් ඉවත් වුණේ. 2010 වසරේ මම ඉන් ඉවත් වුණා. මම සරල උදාහරණයක් කියන්නම් 2009 දෙසැම්බර් 31දා අලුත් අවුරුද්දට සුබ පතලා මට ජංගම දුරකතනයට විශාල කෙටි පණිවුඩ ප්‍රමාණයක් සහ සුබ පැතුම් පත් විශාල ප්‍රමාණයක් ලැබුණා. ඒ මම එම ආයතනයේ සිටියදී. 2010 වසරේ මම ඒ තනතුරින් ඉවත් වුණාම ඒ වසරේ දෙසැම්බර් 31දා මට ආවේ ගිය වසරේ ආව කෙටි පණිවුඩවලින් 75%ක් වගේ ප්‍රමාණයක්. සුබ පැතුම් පත් 50% වගේ අඩුවෙලා තිබුණා. ඉතින් මම ඒවයෙන් කම්පාවට පත් වණේ නැහැ. මොකද මම දැනගෙන හිටියා සැබෑ තත්ත්වය එය බව.
නැවත මම සම්පත් බැංකුවේ අධ්‍යක්‍ෂ මණ්ඩලයට පත් වුණා. අර නැති වුණු කෙටි පණිවිඩ, සුබපැතුම් පත් නැවතත් ලැබෙන්න පටන් ගත්තා. ඉතින් ඒ වාගේ දේවලින් කම්පා වෙන්න අවශ්‍ය නැහැ. ඒවා දිහා නොබලා තමන්ගේ ගමන දිහා බැලුවා නම් මට වෘත්තීය ජීවිතය සාර්ථක කරගන්න ගමන්ම මගේ ආධ්‍යාත්මික පැත්තත් වර්ධනය කරගත්තු නිසා. මට යථාව දිහා බලන්න පුළුවන් වුණා. ජීවිතාවබෝධයෙන් ආධ්‍යාත්මය දියුණු කර ගත්තාම තමන්ට දැනෙනවා ඔය දේවල් මහ අරුමයක් නොවන බව.
අමාරුම දේවල් කරන්න භාර ගන්නකොට වාසි සහ අවාසි තරාදියේ දෙපසට දානවා වගේ දෙපසට දාලා බලනවාද?


මම මගේ ඉවට දැනෙන දේ තමයි විශ්වාස කරන්නේ. මම අත්දැකීමෙන් දන්නවා ගන්න තීරණය නෙවෙයි වැදගත් වෙන්නේ. ඒ දේ කරන්න මෙම කරන කැපවීමයි වැදගත් වෙන්නේ කියලා.

මේ ගමන එන්න පාසලේ අධ්‍යාපනයෙන් යම් පිටිබලයක් ලැබුණද?
මම ගියේ හොරණ ශ්‍රීපාලි විද්‍යාලයට. මම පාසලේදී ඉතා දක්‍ෂ ශිෂ්‍යයෙක් වුණේ නැහැ. එක, දෙක, තුන ශේ‍ර්ණිවලදී මම පළමුවැනියා, දෙවැනියා, තුන්වැනියා වෙලා තිබෙනවා. නමුත් 8, 9, 10 ශේ‍ර්ණිවලදී මට පළමුවැනියා, දෙවැනියා වෙන්න බැරි වුණා.

8 ශේ‍ර්ණියේදී මම විෂයයන්ට ලබා ගත්තු සමස්ත ලකුණු ප්‍රමාණය අනුව මාව තේරුණේ 9 - බී පන්තියට. 9 - ඒ පන්තියේ හිටියේ ලකුණු ගොඩක් ලබා ගත්තු මොළකාරයෝ ටික. 9 - බී පන්තියේදී පළමු වාර විභාගයට මට ලැබුණු ලකුණු ප්‍රමාණය මදි. සිංහල හා ඉංගී්‍රසි විෂය හැරුණාම අනිත් සියලුම විෂයයන්ට තිබුණේ සීයෙන් 25ක් වගේ ලකුණු ප්‍රමාණයක්.

මම ගණන්වලට සහ විද්‍යාවට දුර්වලයි කියලා දැකපු මගේ පොඩි මාමා මාව එයාගේ ගෙදර එක්කගෙන ගිහින් නිවාඩු කාලයේදී මට ගණන් සහ විද්‍යාව ඉගැන්නුවා. නිවාඩුව අවසන් වෙලා නව පාසල් වාරය ආරම්භ වුණාම මට තේරෙන්න පටන් ගත්තා මට ගණන් සහ විද්‍යාව හොඳට පුළුවන් කියලා. මම 9 බී පන්තියේ දෙවැනි වාරයේදී පන්තියේ දෙවැනියා වුණා. තුන්වැනි වාරයේදී පළමුවැනියා වුණා. නැවත නිවාඩු කාලය එළැඹුණා. ඉතින් මාමටත් සතුටුයි. ගෙදර අයටත් හරිම සතුටුයි. අපි සාමාන්‍යයෙන් ඒ කාලේ සිරිතක් විදියට සිංහල අවුරුදුවලට ගුරුවරුන්ගේ ගෙවල්වලට ගිහින් බුලත් දීලා කතා කරනවා. ඉතින් අම්මයි තාත්තයි අපේ පන්ති භාර ගුරුවරයාගේ ගෙදර ගියාම ගුරුතුමා කිව්වා දීපාල්ගේ ලොකු ප්‍රගතියක් තියෙන නිසා ඊගාව වසරේදී 10 ඒ පන්තියට දාන්න පුළුවන් කියලා.

ඉතිං මම 9 - බී එකේදී තුන්වැනි වාරයේ ලබා ගත්තු ලකුණු අනුව 10 - ඒ පන්තියට තේරුණා. 10 ඒ පළමුවැනි වාරයේදී මට පුළුවන් වුණේ පන්තියේ 13 වැනියා වෙන්න. ඉතින් හැමෝම මට කිව්වේ දක්‍ෂ ළමයි ගොඩක් ඉන්න පන්තියක 13 වැනියා වෙනවා කියන්නෙත් ලොකු දෙයක් කියලා. විශිෂ්ට කියන දේ සෙවීම වෙනුවට හොඳයි කියන දේ ප්‍රමාණවත් කියන හැඟීම තමයි මට ඇති වුණේ. ඒ නිසා අර මට 9 බී එකේදී මට පුළුවන් කියලා තිබුණු විශ්වාසය සහ ඒ හැඟීම බිඳ වැටුණා. එහි ප්‍රතිඵලය විදියට මට සාමාන්‍ය පෙළ සමත් වෙන්න පුළුවන් වුණේ යාන්තමින්. පාසල් ජීවිත කාලය අවසන් වුණාම තමයි මට හිතුණේ අර තීරණයට මට මොන තරම් බලපෑමක් ඇති කළාද කියලා. මම හිතන්නේ වඩාත් වැදගත් දේ තමයි තමන්ට පුළුවන් දේ ගැන අවධානය යොමු කිරීම කියලා. මාව 10 ඒ වසරේ නැතිව 10 බී වසරට සමත් කළා නම් සමහර විට මම වෛද්‍යවරයෙක් වෙන්නත් ඉඩ තිබුණා. මම හිතන්නේ මේක මවුපියන්ට, ගුරුවරුන්ට වගේම ශිෂ්‍යයන්ටත් හොඳ පාඩමක්.

වෘත්තීයමය ජීවිතය වගේම කොහොමද පෞද්ගලික ජීවිතය තුළ සාර්ථක වෙන්නේ?

සාර්ථකත්වය කියන්නේ සමස්ත දිවියේම සාර්ථකත්වය කියලා මම කිව්වනේ. මම කරන දේ උපරිමයෙන් කරන කොට මම බොහෝ දෑ ඒ වෙනුවෙන් කැප කළා. ඉතින් ඒ දේ තේරුම් අරගෙන මට අවැසි ශක්තිය ධෛර්යය නිබඳවම මට ලබා දුන්නේ මගේ බිරිය. ඇයට මගේ සාර්ථකත්වයෙන් 90%ක් අයිතියි. ඇය මාව 100%ම තේරුම් ගත් නිසා ඇය මට ලොකු ශක්තියක් වුණා. ඇයට මා සහ මගේ දේවල් සම්බන්ධයෙන් තිබෙන අවබෝධය සහ විශ්වාසය තුළ අපිට ඉතා හොඳ අනේ‍යාන්‍ය අවබෝධයක් ගොඩනඟාගන්න පුළුවන් වුණා. ඉතින් ඒ නිසා මගේ පෞද්ගලික ජීවිතයත් ඉතා සමබරව සාර්ථකව ගෙවනවා.
පොත් පත් වැනි දේවල්වලින් ඔබට යම් පෙලඹවීමක් සහ යහපත් බලපෑමක් වෙලා තිබෙනවාද?
ඔව්. මගේ පුස්තකාලයේ දැනට පොත් 3000ක් පමණ තිබෙනවා. ඒ අතරින් ඉ.ව්. ට්ධඥදඬච ගේ ඊඩඥ ඒපබ ධට ඹ්ඪමඪදඨ කියන පොත ම්චඩතඪත ට්ඪඡපචද ගේ ඊඩඥ ර්ථීපධනඩඥබ කියන පොත, ජේ. ක්‍රිෂ්ණ මූර්තිගේ පොත් සහ ඉඩභදපරභ ඉභලභඬඪ ගේ ඛඥද ථඪදඤ, ඕඥඨඪදදඥප'ඵ ර්ඪදඤ කියන පොත හේනේපොළ ගුණරතන හිමියන්ගේ ර්ඪදඤ ජ්භතදඥඵඵ ඪද ර්ථීතචඪද ඡ්දඨතඪඵඩ පොත සහ අජාන් ෂා සහ අජාන් බ්‍රහම් හාමුදුරුවන්ගේ පොත්, අඪජඩචපඤ ඕචජඩ ගේ ධ්තතභඵඪධදඵ ඊඩඥ ඒඤමඥදබභපඥඵ ර්ණීට ච අඥතභජබචදබ ර්ඥඵඵඪචඩ සහ බ්ධදචබඩචද ඹ්ඪමඪදඨඵබධද ඉඥචඨභතත වැනි පොත් ඒ අතරින් සුවිශේෂයි.

අඳිද්දී පලඳිද්දී, යාන යාහන මිලට ගනිද්දී ඕපචදඤ ව්චථඥඵවලට තියෙන්නේ මොන වගේ කැමැත්තක්ද?

මම ප්‍රබල සන්නාමයක් නිසා මට වෙනත් සන්නාමවලින් ආලෝකයක් අවශ්‍ය නැහැ. ඕපචදඤඵ වලට නැඹුරු වීම මම හෙළා දකින්නේ නැහැ. නමුත් මට ඇඳුම් සම්බන්ධයෙන් වෙනම දර්ශනයක් තියෙනවා. මම ජීවිතය වෙනස් කරවපු බණක් ඇහුවා. තාඹුගල ආනන්දසිරි කියන ස්වාමීන් වහන්සේගෙන් ආරියවංශ සූත්‍ර දේශනාව තමයි උන්වහන්සේ දේශනා කළේ. ඒ මඟින් මම ඇඳුම් පැලඳුම් සම්බන්ධයෙන් වෙනමම තියරියක් හදා ගත්තා.
සාමාන්‍යයෙන් මම අලුත් ඇඳුමක් ඇඳලා කණ්ණාඩියෙන් බලනකොට හිතනවා මේ ඇඳුම කිලිටි වෙන්න පුළුවන්, ඉරෙන්න පුළුවන් කියලා. ඒ නිසා මම ඒ ගැන ලොකුවට හිතන්නේ නැහැ.

මම ඊජිප්තු ගිය වෙලාවක ලොකු මුදලක් දීලා කමිසයක් අරගෙන ආවා. මම ඒක ඇඳලා පැත්තකින් දැම්මා විවේක වෙලාවක සෝදලා දාන්න ඕනෑ කියලා. දවසක් දෙකක්ම මට ඒ වැඩේ කරන්න බැරි වුණු නිසා මගේ බිරිය ඒ කමිසය අනික් ඇඳුම් සේරම එක්ක වොෂින් මැෂින් දාලා, එළියට අරගෙන බලපුවාම වෙනත් ඇඳුමක තිබුණු සායම් සේරම අර කමිසයේ ගෑවිලා. බිරිය ඊට පස්සේ ඒ සායම් යවන්න බ්ලීචින් පවුඩර් දැම්මා. ඒකෙන් පස්සේ කමිසයේ තිබුණු කොටු ටිකත් මැකිලම ගියා. ඉතිං මම එතැනින් පසුව ඒ ඇල්ම අතහැරියා මොකද මම යථා ස්වභාවය දන්න නිසා.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon