පක්ෂග්‍රාහී වෙන්න එපා!

  👤  3520 readers have read this article !
By mawbima 2017-12-17

චාමර අමරසූරිය

• පළාත් පාලන මැතිවරණ රාජකාරිවලදී පක්ෂග්‍රාහී නොවී නීතිය අකුරට ක්‍රියාත්මක කරන ලෙසට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා සියලු පොලිස් නිලධාරීන්ට නියෝග කර තිබේ.

පොලිස් නිලධාරීන් අපේක්ෂකයකුට හෝ දේශපාලන පක්ෂයකට හෝ පක්ෂග්‍රාහිව කටයුතු කර නීතිය නිසි පරිදි ක්‍රියාත්මක නොකළහොත් එවැනි නිලධාරීන්ට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග ගන්නා බවද පොලිස්පතිවරයා වැඩිදුරටත් නියෝග කර ඇත.

මැතිවරණ නීති උල්ලංඝනය කරන පිරිස්වලට එරෙහිව කඩිනමින් ක්‍රියාත්මක වී අදාළ නීතිමය පියවර ගන්නා ලෙසද පොලිස්පතිවරයා එම නියෝගය හරහා සියලු පොලිස් නිලධාරීන් දැනුවත් කර තිබේ.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon