ජවිපෙ ඡන්ද සටන අද කොළඹින් අරඹයි

  👤  3272 readers have read this article !
By mawbima 2017-12-17

අනුරාධා හේරත්

• ගමේ මන්ත්‍රි වැටුපත් මහජන සේවයට යෙදවීම ඇතුළු ‍ෙදාළොස් වැදෑරුම් ආචාරධර්ම පද්ධතියට ප්‍රතිඥා දෙමින් ජවිපෙ පළමු ඡන්ද සටන අද (17දා) කොළඹින් අරඹන බව එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක කියයි.

"ගම ගොඩනඟන - දූෂණය පරදන ජවය" තේමාවෙන් අද (17දා) පෙ.ව 10.00ට කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන අපේක්ෂකයන් කැඳවීමේ මහ සමුළුව පළාත් පාලන මැතිවරණයේ පළමු පියවර බව මන්ත්‍රිවරයා 'ඉරිදා මව්බිම'ට කීය.

ජවිපෙ මන්ත්‍රිවරුන් අඛණ්ඩව ක්‍රියාත්මක කළ මන්ත්‍රි වැටුප් මහජන සේවයට පරිත්‍යාග කිරීමේ ප්‍රතිපත්තිය තේරී පත්වන පළාත් පාලන මන්ත්‍රිවරුන් විසින්ද ක්‍රියාත්මක කිරීම, පළාත් පාලන ආයතන වෙතින් සිදුකරන සංවර්ධන කටයුතුවලදී මූල්‍ය පරිහරණය විනිවිද භාවයකින් යුතුව පරිහරණය කිරීම. එහි තොරතුරු ජනතාවට ලබාදීම ඇතුළු පොරොන්දු 12ක් අද ජනතාව ඉදිරියේ තබමින් ප්‍රතිඥාවක් දෙන බවද දිසානායක මහතා පැවසීය.

මැතිවරණ ප්‍රචාරක වැඩසටහන්වල පළමු රැස්වීම ලබන 27 දා අනුරාධපුර නගරයෙන් අරඹන බවද ඔහු කීය.

"ගම ගොඩනඟන - දූෂණය පරදන ජවය" තේමාවෙන් අද (17දා) පෙ.ව 10.00ට කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන අපේක්ෂකයන් කැඳවීමේ මහ සමුළුව පළාත් පාලන මැතිවරණයේ පළමු පියවර බව මන්ත්‍රිවරයා 'ඉරිදා මව්බිම'ට කීය.

ජවිපෙ මන්ත්‍රිවරුන් අඛණ්ඩව ක්‍රියාත්මක කළ මන්ත්‍රි වැටුප් මහජන සේවයට පරිත්‍යාග කිරීමේ ප්‍රතිපත්තිය තේරී පත්වන පළාත් පාලන මන්ත්‍රිවරුන් විසින්ද ක්‍රියාත්මක කිරීම, පළාත් පාලන ආයතන වෙතින් සිදුකරන සංවර්ධන කටයුතුවලදී මූල්‍ය පරිහරණය විනිවිද භාවයකින් යුතුව පරිහරණය කිරීම, එහි තොරතුරු ජනතාවට ලබාදීම ඇතුළු පොරොන්දු 12ක් අද ජනතාව ඉදිරියේ තබමින් ප්‍රතිඥාවක් දෙන බවද දිසානායක මහතා පැවසීය.

මැතිවරණ ප්‍රචාරක වැඩසටහන්වල පළමු රැස්වීම ලබන 27 දා අනුරාධපුර නගරයෙන් අරඹන බවද ඔහු කීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon