ලෝකයේ හොඳම නිරූපණ ශිල්පියා ගලේවෙල ජනුක

  👤  3467 readers have read this article !
By mawbima 2017-12-15

ප්‍රංශයේ පැරිස් නුවර පැවැති 2017 වසරේ ලෝක හොඳම නිරූපණ ශිල්පී තරගාවලියේ ලෝකයේ රටවල් 174ක් අතරින් ප්‍රථම ස්ථානය ශ්‍රී ලංකාවේ ජනුක රාජපක්‍ෂ මහතාට හිමිවී තිබේ.

ශ්‍රී ලංකා ඉතිහාසයේ නිරූපණ ශිල්පී ලෝක තරගාවලියකින් ශ්‍රී ලංකාවට ප්‍රථම ස්ථානයක් හිමිවූ ප්‍රථම අවස්ථාව මෙය බව සංවිධායකයෝ පවසති.
මෙසේ පැරිස් නුවර පැවැති නිරූපණ ශිල්පී තරගාවලියෙන් ප්‍රථම ස්ථානය ලබාගෙන ඇත්තේ ගලේවෙල නගර මධ්‍යයේ පදිංචි ජනුක රාජපක්‍ෂ මහතායි.
පෙරේදා (13දා) රාත්‍රියේ කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපොළෙන් පැමිණි ජනුක රාජපක්‍ෂ සිය ගම වූ ගලේවෙල නගරයට ඊයේ (14දා) පෙරවරුවේ පැමිණියේය.
ප්‍රදේශවාසීහු මෙන්ම වෙළෙඳ ප්‍රජාව එක්ව ජනුක රාජපක්‍ෂව උණුසුම් ලෙස පිළි ගත්හ. විශේෂ රථ වාහන පෙරහරකින් ගලේවෙල නගරයට කැඳවා ගෙන විත් සෙත් පිරිත් සජ්¼ඣායනා මධ්‍යයේ පිළිගැනීම විශේෂත්වයකි.

රාජපක්‍ෂ මහතාගේ මිතුරු මිතුරියන් ඔහුව චාම් පෙරහරකින් සිය නිවෙසට කැඳවාගෙන එනු ලැබීය. නිවෙසේ සිටි ඔහුගේ ආදරණීය මෑණියන් වූ රේණුකා උදයකුමාරි මහත්මියත්, ඔහුගේ පියා වූ ව්‍යාපාරික ආර්.එම්. රාජපක්‍ෂ බණ්ඩා මහතාත් ඔහුට නිවෙසට කැන්දාගෙන යනු දැක ගැනීමට හැකිවිය.

ප්‍රංශයේ පැරිස් නුවර පැවැති මෙම නිරූපණ ශිල්පී තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවෙන් ඉදිරිපත්වූ ජනුක රාජපක්‍ෂ මහතා කියා සිටියේ බෙල්ජියම, කැනඩාව, ඉතාලිය, ඇමෙරිකාව ආදී රටවල් 174කින් නිරූපණ ශිල්පීන් මේ තරගය සඳහා සහභාගි වී සිටි බවය. එමෙන්ම සුදු ජාතිකයන් අතර තමන් කැපී පෙනෙන වෙනසකට ලක්වූ බවද හෙතෙම සඳහන් කෙළේය. කෙසේ වෙතත් තමන් ලොව නිරූපණ ශිල්පියා ලෙස ප්‍රථම ස්ථානය හිමිකර ගත් අවස්ථාවේදී තමන්ට සුවිශාල වූ සතුටක් දැනුණු බව හෙතෙම සඳහන් කෙළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon