නත්තලට බඩු 8ක් අඩු මිලට

  👤  3255 readers have read this article !
By mawbima 2017-12-15

ත්‍යාගා ශ්‍රී මාලි බණ්ඩාර

එළැඹෙන උත්සව සමය ඉලක්ක කරගනිමින් ජීවන වියදම පාලනය කිරීමේ ක්‍රමවේදයක් වශයෙන් "සහන මිල වෙළෙඳසල්" ක්‍රමය හඳුන්වා දීමට රජය තීරණය කර ඇත.සහල්, පරිප්පු, සීනි, හාල්මැස්සන්, ලූනු, අර්තාපල් හා ටින් මාළු ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 08ක් ඇතුළත් සහන මල්ලක් පෞද්ගලික අංශයේ සහභාගිත්වයෙන් හඳුන්වා දීමට රජය පියවර ගෙන තිබේ.

මේ වනවිට වෙළෙඳපොළෙහි මිල ඉහළ ගොස් ඇති අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක් සාමාන්‍ය වෙළෙඳපොළ මිල යාන්ත්‍රණයෙන් පරිබාහිරව එහි පිරිවැයට අනුව සහන මිලක් යටතේ සාමාන්‍ය ජනතාවට ලබාදීමේ ක්‍රමවේදයක් ලෙස මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර, වාණිජ හා කර්මාන්ත අමාත්‍ය රිෂාඩ් බදියුදීන් යන මහත්වරුන්ගේ සහ අදාළ රාජ්‍ය ආයතන, පෞද්ගලික අංශ නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් පසුගිය (12දා) දින අරලියගහ මැඳුරේදී පැවැති විශේෂ සාකච්ඡාවේදී මෙම තීරණය ගෙන තිබේ.
මෙම යාන්ත්‍රණය ඔස්සේ භාණ්ඩ සැපයීම, භාණ්ඩ ප්‍රවාහනය හා අලෙවිය සඳහා සම්බන්ධ වන සියලුම පෞද්ගලික හා රාජ්‍ය වෙළෙඳ ආයතන සඳහා සහනදායී විදුලි ගාස්තු අය කිරීමේ ක්‍රමවේදයක් හඳුන්වාදීමට හා විශේෂ ආදායම් බදු සහන ලබාදීමටත් රජය තීරණය කර තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon