බෝට්ටුවෙන් ඕස්ට්‍රේලියාවට ගිය 29ක් ප්ලේන් එකෙන් එති

  👤  3480 readers have read this article !
By mawbima 2017-12-15

කටුනායක - ගයා තිරිමාදුර

නීති විරෝධී ලෙස ඕස්ට්‍රේලියාවට ඇතුළුවීමට තැත් කළ ශ්‍රී ලාංකිකයන් 29 දෙනකු එරටින් පිටුවහල් කර ඊයේ (14දා) උදෑසන යළි ශ්‍රී ලංකාවට එවා තිබූ බව කටුනායක ගුවන්තොටුපොළ කාර්ය භාර නිලධාරිවරයා පැවැසීය.

ඕස්ට්‍රේලියාවට අයත් එස්.එන්.ඩී. - 1 නමැති විශේෂ ගුවන් යානයෙන් ඊයේ උදෑසන 6.40ට පමණ මෙම පිරිස කටුනායක ගුවන්තොටුපොළ වෙත එවා තිබිණි.
මාතර, හම්බන්තොට, හක්මණ, තංගල්ල ආදී ප්‍රදේශවල පදිංචිකරුවන් වන ඔවුන් සියලු දෙනාම පිරිමින්ය. මේ පිරිස අතර වයස අවුරුදු 12ක සහ වයස අවුරුදු 15ක පිරිමි දරුවන් දෙදෙනකුද සිටින අතර ඔවුන් සිය මාමා සහ පියා සමඟ ඕස්ට්‍රේලියාවට ගොස් සිටියදී අත්අඩංගුවට පත්වී තිබේ.

මෙම පිරිස ඉකුත් නොවැම්බර් මස 17 වැනිදා ශ්‍රී ලංකාවෙන් පිටත්ව ඕස්ට්‍රේලියාව බලා ගමන් අරඹා ඇති අතර ඔවුන් 12/13 දින ඕස්ට්‍රේලියාවේ ඹ්ඥචප ර්ධභබඩ වෙරළ තීරයේ සිටියදී එරට ආරක්‍ෂක අංශ අත්අඩංගුවට පත්වී තිබේ.

මෙම ශ්‍රී ලාංකික පිරිස සමඟ ඕස්ට්‍රේලියානු ආරක්‍ෂක නිලධාරීන් පිරිසක්ද මෙම ගුවන් යානයේ පැමිණි අතර ඔවුහු මෙම යානයෙන් පිටතට නොපැමිණියහ. යානය ඊයේ උදෑසන 9.30ට පමණ යළිත් ඕස්ට්‍රේලියාව බලා කටුනායක ගුවන්තොටුපොළෙන් පිටත්ව ගියේය.

මෙම පිරිස පිළිබඳ ආගමන විගමන දෙපාර්තමේන්තුව, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව, රාජ්‍ය බුද්ධි අංශයේ මෙන්ම ජාතික ළමා රක්‍ෂක ආයතනයේ නිලධාරීන්ද කටුනායක ගුවන්තොටුපොළේදී මේ පිළිබඳ වැඩිදුර පරීක්‍ෂණ පත්වමින් සිටී.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon