ශූරතාව නැවෙන් ලංකාවට ගෙන එයි

  👤  3682 readers have read this article !
By mawbima 2017-12-15

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 5ක සහභාගීත්වයෙන් පසුගියදා ඩුබායිහිදී නිමාව දුටු එමිරේට්ස් ගුවන් සේවා ඩුබායි සත් සාමාජික විවෘත කාන්තා දැල්පන්දු තරගාවලියේ කිරුළ හිමි කරගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදා කණ්ඩායම සමත් විය.

ශ්‍රී ලංකා නාවික හමුදා කණ්ඩායම හා බස්නාහිර පළාත් දැල්පන්දු කණ්ඩායම ශ්‍රී ලංකාව වෙනුවෙන් මෙම තරගාවලියට එක්ව තිබූ අතර, අවසන් තරගය සඳහා ශ්‍රී ලංකා නාවික හමුදා කණ්ඩායම සමඟින් ලකී චොයිස් ෆියුෂන් කණ්ඩායමම එක්ව තිබිණි.

අවසානයේදී ලකී චොයිස් ෆියුෂන් කණ්ඩායම 22-15ක් ලෙස පරාජය කිරීමට නාවික හමුදා කණ්ඩායම සමත් විය. සොමිතා ද අල්විස් මහත්මිය ශූරතාව දිනූ නාවික හමුදා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාරිනිය වශයෙන් කටයුතු කරනු ලැබූ අතර, බුද්ධික සූරියබණ්ඩාර මහතා සහාය පුහුණුකරු ලෙස කටයුතු කළේය.
කෙසේ වෙතත් මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව සමඟින් එංගලන්තය, ඕස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව සහ ඩුබායි රාජ්‍යය නියෝජනය කරමින් කණ්ඩායම් 7ක් සහභාගි වී තිබිණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon