ජාතික කරාතේ ශූරතාවලියේදී කිරිල්ලවල විමුක්තිට රන් පදක්කමක්

  👤  3256 readers have read this article !
By mawbima 2017-12-15

ශ්‍රී ලංකා කරාතේ දෝ සම්මේලනය මඟින් සංවිධානය කරන ලද ජාතික කරාතේ ශූරතාවලියේදී අවුරුදු 21ට අඩු වයස් කාණ්ඩය යටතේ කුමිතේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගැනීමට විමුක්ති දිල්ෂාන් සමත් විය.

කි.ග්‍රෑ. 60ට අඩු බර පන්තිය යටතේ බස්නාහිර පළාත නියෝජනය කළ විමුක්තිට මෙම දක්ෂතාව හේතුවෙන් ජාතික කරාතේ පුහුණු සංචිතයටද තේරී පත්වීමට හැකිව තිබේ.
කිරිල්ලවල මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙනුම ලබා ඇති දිල්ෂාන් ජාත්‍යන්තර තරග රැසක්ද නියෝජනය කර ඇති අතර, ලංකා ඩයස් හයාෆියා ෆිතෝරියෝ සංගමයේ ශ්‍රී ලංකා නියෝජිත සහ ප්‍රධාන උපදේශක (කළු පටි 8 ශේ්‍රණිය) ශිහාන් පී.ඒ. ටයිටස් පෙරේරා මහතා යටතේ පුහුණුව ලබයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon