කෙඩෙට් නිලධාරීන්ගේ ක්‍රීඩා දක්‍ෂතා ඇගැයේ

  👤  3488 readers have read this article !
By mawbima 2017-12-15

ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විද්‍යා පීඨය නියෝජනය කරමින් ජාතික, අන්තර් විශ්වවිද්‍යාල, විශ්වවිද්‍යාල මට්ටමේ ක්‍රීඩා ඉසව්වලදී දක්‍ෂතා දැක්වූ කෙඩෙට් නිලධාරීන්ගේ කුසලතා ඇගයීමට ලක්වීමක් පසුගියදා සිදු විය.

කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨයේ උප කුලපති රියර් අද්මිරාල් ජගත් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම උපහාර උත්සවයේදී 2016 වසරේ දක්‍ෂතම ශිෂ්‍යභට නිලධාරියා ලෙස කෙඩෙට් සාජන් ඩබ්ලිව්.එච්.එන්. සොයිසාත්, 2016 වසරේ දක්ෂතම කෙඩෙට් නිලධාරිනිය ලෙස කෙඩෙට් ලාන්ස් කෝප්‍රල් එන්. නින්කා සම්මාන දිනාගනිද්දී 2016 වසරේ දක්ෂතම පිරිමි පිහිනුම් ක්‍රීඩකයා හා ක්‍රීඩිකාව ලෙස පිළිවෙළින් එම්.ටී.ඩී. විමලරත්න හා කේ.එම්.කේ. රොවෙල් සම්මාන දිනාගත්හ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon