ත්‍රස්තවාදයට ගොදුරු වී ඉබාගාතේ ගිය රට බේරාගත්තේ රාජපක්‍ෂවරුයි

  👤  3812 readers have read this article !
By mawbima 2017-12-15

ම්ලේච්ඡතම ත්‍රස්තවාදී කණ්ඩායමක ග්‍රහණයට ලක්ව රට ඉබාගාතේ යන තත්ත්වයකට පත්ව ඇති මොහොතක ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාත්, එතුමාගේ සහෝදරයා වූ මහින්ද රාජපක්ෂ මැතිතුමාත් සමඟ මේ රටට යළි නිදහස ලබා දුන්නා. අම්මාගෙන් ලද උපත පිළිබඳව පමණක් දැන සිටි අපි දෙවැනි උපතක් පිළිබඳව කතා කළා. ඒ උපත අපට ලැබුණා. අපිට ලැබුණු දෙවැනි උපතත් සමඟ ශ්‍රී ලාංකික මාතාවගේ සෙවණේ ශ්‍රී ලාංකික ජනතාව නැවත දෙපයින් නැඟිටින්න පටන් ගත්තා යැයි රමේෂ් පතිරණ මහතා පැවැසීය.
ගාල්ලේ පැවැති 'එළිය' රැස්වීමකදි රමේෂ් පතිරණ මහතා වැඩිදුරටත් මෙසේද පැවැසීය.

ජීවිතයද, මරණයද යන බියෙන් දිවි ගෙවූ යුගය නිමා කරමින් ලැබූ නව නිදහස් යුගය තුළ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපනය වුණා. උතුරේ ජනතාව වෙනුවෙන් මැතිවරණ පවත්වා ඉතිහාසයේ ප්‍රථම වතාවට දෙමළ ජන නායකයෙක් උතුරේ මහ ඇමැති ලෙස පත් කර ගැනීමට අපේ ආණ්ඩුවට ශක්තිය ලැබුණා. නැඟෙනහිර ජනතාවට ඉතිහාසයේ ප්‍රථම වතාවට මුස්ලිම් ජාතික මහ ඇමැතිවරයෙක් පත් කර ගැනීමට අවස්ථාව ලැබුණා. ඒ ප්‍රජාතන්ත්‍රවාදය රට තුළ ස්ථාපනය කිරීමට හැකියාව ලැබුණේ මහින්ද රාජපක්ෂ මහතාත් ගෝඨාභය රාජපක්ෂ මහතාත් නිසා බව කිව යුතුයි.

මහාවංශය ලියූ මහානාම තෙරුන් ප්‍රකාශ කර ඇත්තේ, ඉතිහාසයේ සෑම සතුටුදායක, සෞභාග්‍ය සම්පන්න කාල සීමාවකටම පසුව අනිවාර්යයෙන්ම දුක්ඛදායක, අඳුරු කාල සීමාවක් උදාවන බවයි. අප රටේද සෞභාග්‍ය සම්පන්න සතුටුදායක කාල සීමාව 2015 ජනවාරි මස එක් අඳුරු දිනයක නිමාවට පත් වුණා.
ඒ අඳුරු යුගය තුළ අද රටට නිදහස ලබා දුන් ජාතික වීරයන්, ජාතික ද්‍රෝහීන් බවට පත්වෙලා. ලබාගත් යුද ජයග්‍රහණය පරාජයක් බවට පත්වෙලා. රටේ ජාතික සම්පත් අද රටට බරක් වෙලා. එපමණක් නොව රටේ ප්‍රධාන තේමා පාඨය විකිණීම සහ බදුදීම බව ජනතාවට ඒත්තු ගන්වන්නට උත්සාහ කරනවා.

මේ අඳුරු කාල සීමාව තුළ අපි නැවැත වතාවත් අඳුරෙන් මිදිය යුතුයි. ඇමෙරිකානු ජනාධිපති ජෝන් එෆ්. කෙනඩි සඳහන් කළ පරිදි රටින් ඔබට ලැබිය යුතු දේ නොව ඔබෙන් රටට ලබා දිය හැක්කේ කුමක්ද යන්න සිතා බැලීමට අපි සෑම දෙනකුටම කාලය පැමිණ තිබෙනවා.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon