ඇමැති ජෝන් යහපාලන ආණ්ඩුවේ රෙදි ගලවා නිරුවත් කළා

  👤  3392 readers have read this article !
By mawbima 2017-12-15

මහින්ද රාජපක්ෂගේ දෝලාවන් කර ගැසූ ආවතේවකරුවන් තවදුරටත් ඔහුගේ රැවුලට සහ සරමට රැවටෙන්නේ නැති බව වමේ කේන්ද්‍රයේ සම කැඳවුම්කරු චමීර පෙරේරා පවසයි. බල්ලා මිය යන විට උගේ ඇඟේ සිටින මැක්කන් පවා ඉවත්ව යන්නාක් මෙන් මහින්ද රාජපක්ෂ වටා සිටි අය මේ වන විට ඔහුගෙන් ඉවත්ව යන බවත් දේශපාලනයේ අවසානයට හිටපු ජනාධිපතිවරයා ගමන් කරමින් සිටින බවත් ඔහු සඳහන් කළේය.
ඊයේ (14දා) සමාජය හා සාමයික කේන්ද්‍රයේදී, වමේ කේන්ද්‍රය සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ චමීර පෙරේරා

පළාත් පාලන මැතිවරණය ගැන දැන් විවිධ තැන්වල විවිධ කතා තියෙනවා. පිල් මාරු කිරීම් පේනවා. එහෙන් මෙහෙට මෙහෙන් එහෙට යනවා. අපිට දැන් පේනවා. ඒකාබද්ධ විපක්ෂයේ සැලුන් ‍ෙදාර ඇරලා තියෙනවා. මහින්ද ඉස්සර ඉඳලාම කිව්වා සැලුන් ‍ෙදාර ඇරලා තියෙනවා එන කෙනකුට එන්න පුළුවන්, යන කෙනකුට යන්න පුළුවන් කියලා. දැන් අපිට පේන්න තියෙන්නේ සැලුන් ‍ෙදාරෙන් යන එක විතරයි.

රාජපක්ෂ රජ පවුලේ අනාගතය වෙනුවෙන්, තමන්ගේ අනාගතය කැප කරන්න මේ රටේ දේශපාලකයෝ කැමති නැහැ.
ඒකාබද්ධ විපක්ෂයේ උදවිය මහින්ද රාජපක්ෂගෙන් අෑත් වෙලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රිපාල සිරිසේන මහතාට සහාය දක්වන්න එන ආකාරය දැන් අපට පේනවා.
මහින්ද නිතරම කියනවා එජාපයත් එක්ක ඔහුට ඩීල් නැහැ කියලා. එජාපයත් එක්ක මහින්දට ඩීල් තිබුණේ 88, 89 කාලෙ ඉඳලා. 88, 89 ඔහු උදෑසන කාලෙදී රඟපෑවේ අතුරුදන් වූවන් සොයන්න. මානව හිමිකම් ගැන කියමින් හඬ නඟන එක. හවසට ඔහු කරන්නේ පුළුවන් තරම් ඔත්තු බලාගෙන ඉඳලා ජනතා විමුක්ති පෙරමුණේ කටයුතු කරපු අයව විනාශ කිරීම. මේ ගැන පැහැදිලි තොරතුරු අපි ගාව තියෙනවා.

රනිල් බොහොම උජාරුවෙන් කියනවා මහින්දව අපි ආරක්ෂා කරනවා කියලා. ඔහු කියනවා අපිට වැදගත් මහින්ද රාජපක්ෂව කියලා.
අද දිනයේදී විල්පත්තුවේ වන විනාශය ගැන විරෝධයක් තියෙනවා. මේ වන විනාශය වුණේ අද ඊයේ නෙමෙයි. යුද්ධයෙන් පස්සේ ඉඳලා මහින්දගේ අවසරයෙන් මේ විනාශය වුණේ. අද මේ විරෝධයට මහින්ද එක්ක එකට ඉඳගෙන මහින්දගේ දෝලාවට කරගහලා කටයුතු කරපු කලාකරුවෝ එනවා. අපිට ඔවුන්ට කියන්න තියෙන්නේ මුලින්ම ගිහින් අප්පච්චිගේ සාටකේ එල්ලෙන්න කියලා. ඒ විල්පත්තුවේ විනාශය ආරම්භ කරපු නිසා.

වනජීවී ඇමැතිවරයාට අපි කියනවා බුද්ධ ශාසන අමාත්‍ය ධුරය විතරක් පවරාගෙන වනජීවී ඇමැතිකමින් ඉවත් වෙන්න කියලා. ඇතෙක් මැරුණාම දළ තිබ්බද කියලා ඔහු අපෙන් අහනවා. අපි ආණ්ඩුවට කියනවා සිහිකල්පනාවක් තියෙන ඇමැතිවරුන්ව තනතුරුවලට පත් කරන්න කියලා.
ඒ වගේම තමයි මේ යහපාලන ආණ්ඩුව උස්සලා පොළොවෙ ගහන්න පුළුවන් කෙනෙක් තමයි ජෝන් අමරතුංග කියන්නේ. ඊයේ පෙරේදා අපි දැක්කා ඔහු යහපාලනයේ රෙදි ගැලෙව්වා. යහපාලනය හෙලුවෙන් යවන තැනකට තමයි ඔහු කතා කළේ.

උදයන්ති මුණසිංහ

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon