ජනවාර්ගික පදනම අනුව බලය බෙදන්නේ නැහැ

  👤  3623 readers have read this article !
By mawbima 2017-12-15

බලය බෙදීම හුදු ජනවාර්ගික පදනමෙන් පමණක් සිදු නොවන්නක් බවත්, බලය බෙදීම සිදු වන්නේ සමස්ත ජනතාව අරබයා බවත් විපක්ෂ නායක ආර්. සම්පන්දන් මහතා පෙන්වා දෙයි.

විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ පසුගියදා වවුනියාවේදී පැවැති තමිල් අරසු කච්චි මධ්‍යම කාරක සභා රැස්වීමේදීය.
එහිදී සම්පන්දන් මහතා මෙසේද පැවැසීය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුවේ දෙවැනි අතුරු වාර්තාව මේ වන විට එළිදක්වා තිබෙනවා. එය වෙනස්වීමේ හැකියාව පවතිනවා. අවසන් කෙටුම්පත සකස් කිරීම වෙනුවෙන් තව කාලයක් ගත වෙයි.

බලය බෙදා හැරීම යනු ජනවර්ග පදනම් කරගත්තක් නෙවෙයි.
මේ රටේ පැවැති හා පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සකස් කිරීමේදී දෙමළ ජනතාව ඒ සඳහා දායක වූයේ නැහැ. දෙමළ ජනතාව වළලා දැමුවාක් මෙන් එම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සකස් කෙරිණි. මෙවැනි වාතාවරණයක රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක එකතුව ආණ්ඩුව පිහිටුවූවේය. මෙය ඉතා හොඳ අවස්ථාවකි. මෙවැනි වාතාවරණයක් ඉතිහාසය තුළ ඇති වී නොමැත. මෙම අවස්ථාව අපි අහිමි නොකර ගත යුතුයි. ඒ නිසා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සඳහා අප සියලු දෙනා සහයෝගය ලබාදිය යුතුව තිබෙනවා.
අපගේ මැතිවරණ ඉල්ලීම්වලට විරුද්ධ නඩුවක් ශේ්‍රෂ්ඨාධිකරණයේ විභාග වුණා. තමිල් අරසු පක්ෂයේ වත්මන් නායකයා ඔහු බැවින් ඔහුට එරෙහිව එම නඩුව ගොනු කොට තිබිණි. එහි පැමිණිලිකරුවන් පෙන්වා දී තිබුණේ තමිල් අරසු පක්ෂයේ මැතිවරණ ප්‍රකාශයේ සඳහන්ව තිබුණු එක්සත් රාජ්‍ය සංකල්පය මඟින් රට බෙදෙන බවයි. ඒ හේතුවෙන් එම උත්සාහය වළක්වන ලෙසද ඔවුන් ඉල්ලා තිබිණි.

අපගේ කාර්යයන් පිළිබඳ තීරණය ගැනීමේ හැකියාව අපටම තිබිය යුතුයි. අප ඉල්ලා සිටින්නේ එවැනි බලය විමධ්‍යගත කිරීමකි. ලැබුණු බලය අත්නොහැරිය යුතු බව අපගේ ස්ථාවරයයි. අතුරු වාර්තාවේ බලය බෙදා හැරීම සාධාරණයි.
බලය බෙදීම හුදු දෙමළ ජනතාවගේම පමණක් වන ඉල්ලීමක් නෙවෙයි. බලය බෙදීමේ ප්‍රතිලාභ සියලු ජනතාව අත්විඳිය යුතුයි. බලය බෙදීම සිදුවන්නේ දෙමළ ජනතාව සඳහා පමණක් නොවන බව සමස්ත රටම තේරුම් ගත යුතුයි.
බෞද්ධාගමට ප්‍රමුඛස්ථානය ලබාදීම පිළිබඳ දෙමළ ජාතික සන්ධානයේ විරුද්ධත්වයක් නොදැක්වීම පිළිබඳ ඇතැමුන් විවේචන ඉදිරිපත් කරයි. අතුරු වාර්තාවෙන් ඉල්ලා ඇත්තේ බෞද්ධාගමට ප්‍රමුඛස්ථානය ලබාදෙන අතර අනෙකුත් ආගම්වලටද සමානාත්මතාවයෙන් සලකන ලෙසයි.

ඉන්දු - ලංකා ගිවිසුම අනුව උතුරු නැඟෙනහිර පළාත් ඒකාබද්ධව පැවැතිණි. වසර 18ක කාලයක් මෙම පළාත් ඒකාබද්ධව පැවැතිණි. නමුත් අධිකරණ නියෝගයක් මත මෙම පළාත් වෙන් වෙන්ව පවතින බව මෙම කාරණය සම්බන්ධයෙන් විරෝධය දක්වන්නන් තේරුම් ගත යුතුයි. උතුර නැඟෙනහිර පළාත් ඒකාබද්ධ කිරීම සඳහා ජනමත විචාරණයක් පැවැත්විය යුතුයි. එහිදී මුස්ලිම් ජනතාවගේ ඉල්ලීම් සලකා බැලීම කළ යුතුයි. එම ඉල්ලීම වෙරළබඩ නගරය වුවද වන්නට පුළුවන්. විශේෂයෙන් දෙමළ කතා කරනු ලබන ජනතාවක් ලෙස අපි කටයුතු කළ යුතුව තිබේ.

එහෙත් ජනතාව පිළි නොගන්නා කිසිවක් අපටද පිළිගත නොහැකියි. අතුරු වාර්තාව සම්බන්ධයෙන් ඇතැමුන් අසත්‍ය ප්‍රචාර කරමින් සිටිනවා. කෙසේ වෙතත් අවසානය දක්වා උත්සාහය අත් නොහැරිය යුතුයි.

ලක්ෂ්මී ජයකොඩි

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon