රජ කාලේ මෙන් යළිත් ලංකාව ආසියාවේ වාණිජ මධ්‍යස්ථානයක් කරනවා

  👤  3546 readers have read this article !
By mawbima 2017-12-15

ශ්‍රී ලංකාව රජරට රාජධානි සමය තුළත් යටත් විජිත සමය තුළත් ආසියාවේ ප්‍රධානම වාණිජ මධ්‍යස්ථානයක් ලෙස පැවැතුණා. එම අවධීන්වල ශ්‍රී ලංකාවේ ඉදිවූ ගොඩනැඟිලි ආරක්ෂා කිරීම පමණක් ප්‍රමාණවත් වන්නේ නැහැ. ඒ හරහා අප නැවතත් ඉන්දියන් සාගරයේ කේන්ද්‍රස්ථානය බවට පත්වීමට උත්සාහ කළ යුතු යැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවැසුවේ ඊයේ (13දා) කොළඹ ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලයේදී පැවැති යුරෝපා සංගමය, නෙදර්ලන්තය, ජර්මන් තානාපති කාර්යාලය සහ බි්‍රතාන්‍ය කවුන්සිලය එක්ව සංවිධානය කළ 'සජීවී උරුමය' වැඩසටහනට ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගි වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා.

ථූපාරාමය ආරම්භ කළ අවධියේ සිට ශ්‍රී ලංකාවේ ගොඩනැඟිලි පිළිබඳ ඉතිහාසය ආරම්භ වෙනවා. ශ්‍රී ලංකාවේ පළමු දාගැබ ලෙස හැඳින්වෙන්නේ ථූපාරාමයයි. එදා සිට රජරට කේන්ද්‍ර කරගෙන අපේ රටේ දියුණු ශිෂ්ටාචාරයක් ඇති වුණා. ඒ වගේම දඹදෙණි යුගයේ සිට බි්‍රතාන්‍ය යුගය දක්වා ඉදිවූ ගොඩනැඟිලි රාශියක් ශ්‍රී ලංකාවේ දකුණු ප්‍රදේශයේත් තිබෙනවා. ඒ සියලු ගොඩනැඟිලි අපි ආරක්ෂා කර ගත යුතුයි.

කොළඹ නගරයේ පිහිටා තිබෙන බොහෝ ගොඩනැඟිලි ඕලන්ද හා බි්‍රතාන්‍ය ආභාසය ඇතිව ඉදිවූ ඒවායි. අතීතයේදී ආසියාවට නවීන වාණිජ ක්‍රමය හඳුන්වා දුන්නේ ශ්‍රී ලංකාවයි. රෝමානු ලන්දේසි නීතිය ක්‍රියාත්මක කරමින් යුරෝපීයන් වෙළෙ¼දාම් සිදු කළේ ශ්‍රී ලංකාව කේන්ද්‍ර කරගෙනයි. 1960 දශකය පමණ වනතුරුම ශ්‍රී ලංකාව ආසියාවේ ප්‍රධානම රට ලෙස සැලකුණා. ඒ කාලයේ ශ්‍රී ලංකාවේ ඉදිවූ ගොඩනැඟිලි බොහොමයක් තවමත් හොඳ තත්ත්වයේ තිබෙනවා. ඒවා අපි ආරක්ෂා කරගත යුතුයි.

ශ්‍රී ලංකාව රජරට රාජධානි සමය තුළත්, යටත් විජිත සමය තුළත් ආසියාවේ ප්‍රධානම වාණිජ මධ්‍යස්ථානයක් ලෙස පැවතුණා. එම අවධීන්වල ශ්‍රී ලංකාවේ ඉදිවූ ගොඩනැඟිලි ආරක්ෂා කිරීම පමණක් ප්‍රමාණවත් වන්නේ නැහැ. ඒ හරහා අප නැවතත් ඉන්දියන් සාගරයේ කේන්ද්‍රස්ථානය බවට පත්වීමට උත්සාහ කළ යුතුයි. ඒ සඳහා අවශ්‍ය නව ගෘහ නිර්මාණ ශිල්පයක් සහ නව ගොඩනැඟිලි කොළඹ, හම්බන්තොට, ත්‍රිකුණාමලය ඇතුළු සියලුම ප්‍රදේශවල ඉදිරියේදී ඉදි කෙරනවා. නව ශ්‍රී ලංකාවක් සඳහා අවශ්‍ය වන නව කර්මාන්තශාලා විශාල ප්‍රමාණයක් බිංගිරිය, හම්බන්තොට, කළුතර ආදී ප්‍රදේශවල ඉදිකිරීමටද නියමිතයි.

රජරට රාජධානි සමයේදීත්, යටත් විජිත පාලන සමය තුළත් ශක්තිමත් වෙළෙඳ ආර්ථිකයක් ඇති කර ගනිමින් නොබියව ජාත්‍යන්තරයට මුහුණ දීමේ හැකියාව ශ්‍රී ලංකාවට තිබුණා. එසේ නම් වර්තමානයේ කිසිදු බියකින් තොරව අනාගතය වෙත අවධානය යොමු කරමින් ශක්තිමත් වෙළෙඳ ආර්ථිකයක් නැවත ඇති කර ගැනීමට හැකියාව අපට තිබෙනවා. ඒ සඳහා නව ගෘහ නිර්මාණ ශිල්පයක්ද අවශ්‍ය වෙනවා.

ඒ වගේම අතීතයේත්, වර්තමානයේත් වටිනාකමකින් යුත් සියලු ගොඩනැඟිලි ආරක්ෂා කිරීමටත් ඒවායින් ප්‍රයෝජනයක් ලබාගැනීමටත් අපි බලාපොරොත්තු වෙනවා. එම නිසා ශ්‍රී ලංකාවේ අතීතය ආරක්ෂා කරගනිමින් එම අතීතයෙන් පාඩම් ඉගෙන ගනිමින් වෙළෙ¼දාමට බය නැති ජනතාවක් ලෙස නැවතත් ශ්‍රී ලංකාව සාර්ථක විවෘත ආර්ථිකයක් සහිත රාජ්‍යයක් බවට පත් කර ගනිමු.

ත්‍යාගා ශ්‍රී මාලි බණ්ඩාර

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon