මෙරට පුරාවිද්‍යාඥයන්ට විදෙස් රටවල විශේෂ අධ්‍යයන අවස්ථා ලබාදෙනවා

  👤  3249 readers have read this article !
By mawbima 2017-12-15

ත්‍යාගා ශ්‍රීමාලි බණ්ඩාර

මෙරට පුරාවිද්‍යාඥයන් සඳහා විදෙස් රටවල විශේෂ අධ්‍යාපන අවස්ථාවක් ලබාදීමට මධ්‍යම සංස්කෘතික අරමුදල පියවර ගෙන තිබේ.
ලංකාවේ විවිධ ප්‍රදේශවල පුරාවිද්‍යාත්මක උරුමයන් සංරක්ෂණය කිරීමේ කාර්යය මෙහෙයවන මේ පුරාවිද්‍යාඥයන්ගේ විෂයානුබද්ධ දැනුම වැඩිකරලීම හා නව කළමනාකරණ උපක්‍රම භාවිතය පිළිබඳව න්‍යායාත්මකව හා ප්‍රායෝගිකව පුහුණුවක් ලබාදීම මෙම වැඩපිළිවෙළෙහි අරමුණයි.

තායිලන්තයේ බුරාපා විශ්වවිද්‍යාලය හා ඒකාබද්ධව පවත්වන මේ වැඩසටහන මඟින් තායිලන්තයේ ඇති පුරාවිද්‍යාත්මක ස්මාරක පිළිබඳ අධ්‍යයනයක් මෙන්ම එරට කළමනාකරණ ක්‍රම භාවිතය, රාජ්‍ය හා පෞද්ගලික ව්‍යවසායකත්වය පිළිබඳව අධ්‍යයනයන්, ඵලදායිතා සංකල්ප හා විශේෂ අභිප්‍රේරණ ක්‍රම පිළිබඳව හැදෑරීමට අපේක්ෂිතය.
අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් මත ක්‍රියාත්මක වන මෙම වැඩපිළිවෙළ ඉදිරි කාලයේදී වඩාත් පුළුල් කොට කණ්ඩායම් කිහිපයක් සඳහාම මේ අවස්ථාව ලබාදීමට මධ්‍යම සංස්කෘතික අරමුදල බලාපොරොත්තු වේ. මේ වැඩසටහනේ පළමු අදියර යටතේ 15 දෙනකුගෙන් යුත් පුරාවිද්‍යාඥයන් කණ්ඩායමක් පසුගිය 10 වැනි දින තායිලන්තය බලා පිටත් විය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon