කෑගල්ල මහ රෝහලට කිලෝවොට් 20ක සූර්ය විදුලි පද්ධතියක්

  👤  3494 readers have read this article !
By mawbima 2017-12-15

හර්ෂණී අර්සකුලරත්න

කෑගල්ල මහ රෝහලේ විදුලි බිල සඳහා අත්වැලක් සපයමින් කිලෝවොට් 20ක සූර්ය විදුලි පද්ධතියක් රෝහල වෙත ලබා දෙන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති ඇමැති රංජිත් සියඹලාපිටිය පවසයි.

ඇමැතිවරයා මේ බව පැවැසුවේ පසුගියදා කෑගල්ල මහ රෝහලේ පවතින අඩුපාඩු සහ වර්තමාන තත්ත්වය පිළිබඳ සොයාබැලීම සඳහා නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමිනි.
ප්‍රදේශයේ දේශපාලනාධිකාරිය සහ රෝහල සහයෝගයෙන් කටයුතු කිරීම, රෝහලේ සියලු ගැටලුවලට විසඳුම් සෙවීමේ හොඳම ක්‍රමය බව ඇමැතිවරයා එහිදී පැවැසුවේය.
කෑගල්ල රෝහලේ පවතින අඩුපාඩුකම් සියල්ලම සෞඛ්‍ය ඇමැතිවරයාගේ අවධානයට යොමු කිරීමට කටයුතු කරන බවද තමා ඇතුළු ප්‍රදේශයේ දේශපාලනාධිකාරිය මේ රෝහල පිළිබඳ නිරන්තර අවධානයෙන් පසුවන බවද හෙතෙම එහිදී පැවැසුවේය.

මෙහිදී රෝහලේ පවතින අඩුපාඩු, අවශ්‍යතා සහ මෙතෙක් නොවිසඳුණු ගැටලු පිළිබඳ රෝහල් කාර්යය මණ්ඩලය විසින් ඇමැතිවරයා දැනුවත් කරන ලදී.
එහිදී ඇමැතිවරයා පැවැසුවේ රෝහලේ ඉල්ලීම් දෙවැනි කිරීමට සූදානම් නැති බවත් අපගේ ඉලක්කය විය යුත්තේ නිරෝගිමත් මානව සම්පතක් බිහිකිරීම බවත්ය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon