අත්‍යවශ්‍ය ඔෟෂධ හා අක්ෂිකාච අඩු කළ මිලට දෙනවාද යන්න ගැන සොයා බලනවා

  👤  3248 readers have read this article !
By mawbima 2017-12-15

අනුරාධා හේරත්

මිල අඩු කළ අත්‍යවශ්‍ය ඔෟෂධ, ස්ටෙන්ස් සහ අක්ෂි කාච ගැසට් පත්‍රය මඟින් නිකුත් කළ මිලටම ලබා දෙන්නේද යන්න වහාම විමර්ශනයක් අරඹන බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න කියයි.

ඇතැම් පෞද්ගලික රෝහල් මඟින් අඩු කළ මිලට ඔෟෂධ, ස්ටෙන්ස් සහ අක්ෂි කාච ලබා නොදෙන බවට පැමිණිලි ලැබී ඇති බව අමාත්‍යවරයා පවසයි.
වෙළෙඳපොළේ රුපියල් 75,000කට අලෙවි වන ලෝහමය ස්ටෙන්ස් රුපියල් 24,000 දක්වාත්, රුපියල් 350,000කට අලෙවි වූ ඔෟෂධ මුදාහරින ස්ටෙන්ස් මිල 1,50,000 දක්වාත් මිල අඩු කිරීමට පියවර ගෙන තිබූ අතර අක්ෂි කාච මිල රුපියල් 30,000 සිට රුපියල් 6000 දක්වාද අඩු කිරීමට පියවර ගත්තේ පසුගිය පෙබරවාරි 17 වැනි දින බව සේනාරත්න මහතා පෙන්වා දෙයි.

ඒ අනුව අදාළ මිල ගණන්වලට අලෙවි කළ යුතු සේම ඒ සඳහා බිල්පතක් නිකුත් කිරීමද අත්‍යවශ්‍ය බව හෙතෙම වැඩිදුරටත් කීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon