ඉඩම් මැන සිතියම් ගතකරන කොන්ත්‍රාත්තුව ඇමෙරිකාවට දීමට එරෙහිව රජයේ මිනින්දෝරු සංගමයෙන් අද විරෝධතාවක්

  👤  3497 readers have read this article !
By mawbima 2017-12-15

දඹුල්ල -
කේ. කේ. ආරියදාස

මෙරට ඉඩම් මැන සිතියම් කිරීමේ කොන්ත්‍රාත්තුව ඇමෙරිකාවට ලබාදීමට විරෝධය පළකරමින් අද (15දා) විරෝධතා ක්‍රියාමාර්ගයකට යන බව රජයේ මිනින්දෝරු සංගමය කියයි.

ජනතාවට හිමිකම් ඔප්පු ලබාදීමේ ක්‍රියාවලිය විධිමත් කිරීම බව පවසා ලංකාවේ ඉඩම් මැන සිතියම් ගත කිරීමේ විශේෂ වැඩපිළිවෙළක් සඳහා ඇමෙරිකාවේ ආයතනයකට භාරදී රට තවත් ණය උගුලක පැටවීමට රජය ගෙන ඇති තීරණයට විරෝධය පා රජයේ මිනින්දෝරු සංගමය කොළඹදී අද විරෝධතාවක් පවත්වන බව දඹුල්ල ප්‍රදේශයේදී විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් රජයේ මිනින්දෝරු සංගමයේ සභාපති දුමිදු උඩගොඩ මහතා පැවැසීය.

මේ ඉඩම් මැනුම් කර ඇමෙරිකා සමාගමකට ලබාදීම සඳහා කැබිනට් අනුමැතිය ලබා ගෙන තිබෙන බවත් දුමිදු උඩගොඩ මහතා පැවැසීය.
මිනින්දෝරු සංගමයේ සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ ලංකාවේ ඉඩම් මැනීම් කිරීම, සිතියම් ගත කිරීම ආදී සියලු තත්ත්ව ඒකාරාශී කිරීම සඳහා ඇමෙරිකාවේ පිහිටි බපඪථඡතඥ ඪදජ නම් සමාගමකට ලබාදීම සඳහා වත්මන් ආණ්ඩුව මේ වනවිට සියලු කටයුතු සූදානම් කර තිබෙන බවය. මේ සඳහා ඇමෙරිකාව ශ්‍රී ලංකා රජයට ණය මුදලක් ලබාදී එම මුදලින් ඇමෙරිකා නියෝජිතයෝ පැමිණ ශ්‍රී ලංකාවේ සිතියම් ගත කිරීම බරපතළ ප්‍රශ්නයක් බව පෙන්වා දුන්නේය.

මේ විරෝධතා අවස්ථාවේදී කඳුළු ගෑස් ගසා හෝ පහරදී ඉවත් කිරීමට නොහැකි බවත් ඇතැම්විට ලේ වැගිරීමක් සිදුවීමට ඉඩ තිබෙන බවත් ඔහු කීවේය.
මේ මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ රජයේ මිනින්දෝරු සංගමයේ සභාපති උඩගොඩ මහතා මෙසේද පැවැසීය.

ලංකාවේ පැරැණිතම දෙපාර්තමේන්තුව වන මිනින්දෝරු දෙපාර්තමේන්තුව මේ ආකාරයෙන් ඇමෙරිකානු සමාගමකට ලබාදෙන්න එපා කියලා අපි සියලු බලධාරීන්ගෙන් වාචිකව, ලිඛිතව ඉල්ලීම් කළා. මාධ්‍ය මඟින් ඉල්ලීම් කළා. ඒත් මේ ආණ්ඩුව අවධානය යොමු කළේ නෑ. අපි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් හැටියට ලෙඩ නිවාඩු දාලා හිටියා. ඒත් ආණ්ඩුව කන් දුන්නේ නෑ. ඒ නිසා අපි මේ 15 වැනිදා කොළඹට එන්නේ ලංකාවේ සියලුම මිනින්දෝරුවරුන් එක්ක විතරක් නෙවෙයි සියලු ප්‍රගතිශීලී ජනතාවට අපි ආරාධනා කරනවා මේ මහා අපරාධයට විරෝධය පළ කරමින් අපිත් එක්ක එකතු වෙන්න කියලා.

සමහරවිට මේ විරෝධතා ව්‍යාපාරය කඳුළු ගෑස් ගහලා, වෙඩි උණ්ඩ ගහලා, ජල ප්‍රහාර එල්ල කරලා නවත්තන්න පුළුවන් එකක් නෙවෙයි. සමහර විට ඉන් එහාට ගිය ලේ වගුරන විරෝධතාවක් වෙයි. හැබැයි අපට කරන්න දෙයක් නෑ. ආණ්ඩුව ඉල්ලන්නේ ලේ නම් අපිට සිද්ධ වෙනවා මිනින්දෝරු දෙපාර්තමේන්තුව වෙනුවෙන් දෙන්න. ඒ විතරක් නෙවෙයි ජීවිත වුණත් දන් දෙන්න. අපි ආණ්ඩුවට කියන්නේ මේ විරෝධතා මර්දනය කරන්න උත්සාහ කරන එක නෙවෙයි මේ රටේ ඉඩම් මැනීමේ බලතලය ඇමෙරිකාවට ලබාදීම විතරක් නෙවෙයි මහ ණය කන්දරාවක් අරගෙන මේ ක්‍රියාවලිය සිදු කරන්න එපා කියන එකයි අපි කියන්නේ. වර්තමාන මැනුම්පති හරහා මේ ක්‍රියාමාර්ගය පිළිබඳව අපි රජයට දැනුම් දී තිබෙනවා කළ යුතු ක්‍රමය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon