නවක වධය තුරන් කිරීමට කඩිනම් පියවර ගත යුතුයි

  👤  3505 readers have read this article !
By mawbima 2017-12-15

ත්‍යාගා ශ්‍රී මාලි බණ්ඩාර

විශ්වවිද්‍යාලවල ක්‍රියාත්මක වන නවක වදය තුරන් කිරීම සඳහා අවශ්‍ය කඩිනම් පියවර ගතයුතු බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
අවශ්‍ය නම් විශ්වවිද්‍යාලවලට අලුතින් සේවකයන් බඳවා ගෙන හෝ නවක වදය තුරන් කර සිසුන්ට නිදහසේ සිය අධ්‍යාපන කටයුතු සාර්ථකව කරගෙන යා හැකි පරිසරයක් නිර්මාණය කළ යුතු බවත් අගමැතිවරයා අවධාරණය කරයි.

විශ්වවිද්‍යාල සිසුන් පන්ති වර්ජනයට නොව අධ්‍යාපනය සඳහා යොමුකළ යුතු බව වැඩිදුරටත් අවධාරණය කරමින්, විශ්වවිද්‍යාල ගොඩනැඟිලි ඉදිකිරීම සඳහා ප්‍රමුඛත්වය ලබාදීම වෙනුවට උසස් අධ්‍යාපනයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විශ්වවිද්‍යාල උපකුලපතිවරුන්ට ඊයේ (14දා) උපදෙස් ලබාදුන්නේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon