වෛද්‍යවරුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනවා

  👤  3438 readers have read this article !
By mawbima 2017-12-15

අනුරාධා හේරත්

වෛද්‍ය නියාමන කොමිෂන් සභාවේ ලියාපදිංචි වීමට පෞද්ගලික සෞඛ්‍ය ආයතන සහ වෛද්‍යවරුන්ට තවත් මසක සහන කාලයක් ලබාදී ඇති බැවින් අදාළ කාලසීමාව තුළ ලියාපදිංචි නොවන සියලු වෛද්‍යවරුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවත් සෞඛ්‍ය ඇමැති ‍ෙදාස්තර රාජිත සේනාරත්න අවධාරණය කරයි.
ඒ අනුව සියලුම පෞද්ගලික රෝහල්, වෛද්‍ය මධ්‍යස්ථාන, රසායනාගාර මධ්‍යස්ථාන, හෙද පුහුණු පාසල් සහ ගිලන් රථ සේවා මෙන්ම පූර්ණ හා අර්ධකාලීන රාජකාරියේ නියුතු සියලුම වෛද්‍යවරුන්ට ලියාපදිංචි වීම 2018 ජනවාරි 31දා තෙක් දීර්ඝ කර ඇත.

ලබාදුන් කාලය තුළ ලියාපදිංචි නොවන පෞද්ගලික රෝහල්, වෛද්‍ය හා රසායනාගාර මධ්‍යස්ථාන ඇතුළු ඉහත කී සියලු ආයතනවල වෛද්‍යවරුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඇමැතිවරයා අදාළ අංශ වෙත උපදෙස් ලබා දී තිබේ.

විශේෂයෙන්ම මේ පිළිබඳ විමර්ශනයක් පැවැත්වීමට නියමිත අතර ව්‍යාජ සෞඛ්‍ය මධ්‍යස්ථාන සහ වෛද්‍යවරුන් පිළිබඳ අනාවරණය වන කරුණු ජනතාවට දැනුවත් කිරීමට සූදානම් බවද ඇමැතිවරයා කීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon