ඇමැති ජෝන්ගේ ප්‍රකාශය හොඳ විහිළුවක්

  👤  3439 readers have read this article !
By mawbima 2017-12-15

හර්ෂනී අර්සකුලරත්න

ජෝන් අමරතුංග ඇමැතිවරයාගේ 'පොලිසියත් අපේ ආණ්ඩුවත් අපේ' ප්‍රකාශය හොඳ විහිළුවක් පමණක් යැයි සමාජ සවිබල ගැන්වීම් සුබසාධන හා කන්ද උඩරට උරුමය පිළිබඳ ඇමැති එස්. බී. දිසානායක පවසයි.

ඔහුගේ ප්‍රකාශයේ තර්ජනයක් හෝ අනතුරක් හෝ තමාට නොපෙනෙන බවත් ඒ සම්බන්ධව තමාට සිනහ පහළ වන බවත් ඇමැතිවරයා පැවැසුවේය.
මේ ගැන කතාවට බඳුන් කිරීමට යන කාලය පවා අපරාධයක් බවද ඔහු පැවැසුවේය.
එසේම නාම යෝජනා භාර දීමට වත්තලට යෑමට තමා හෝ පක්ෂයේ කිසිවකු බය නැති බවත් තමා බය හඳුනන්නේ නැති බවත් ඔහු පැවැසුවේ තමන්ගේ මවුපියන් තමන්ට බය උගන්වා නොමැති බව පවසමිනි.

ජෝන් අමරතුංග අමාත්‍යවරයාගේ පොලිසියත් අපේ ආණ්ඩුවත් අපේ යන ප්‍රකාශය සම්බන්ධයෙන් විමසීමේදී ඇමැතිවරයා මේ අදහස් පැවැසුවේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon