ප්‍රථම වරට මුලතිව් දිසාවේ පුරාවිද්‍යා කාර්යාලයක් පිහිටුවයි

  👤  3457 readers have read this article !
By mawbima 2017-12-15

වවුනියාව - රසාදි චතුරංගි ගමගේ

ඉතිහාසයේ ප්‍රථම වතාවට මුලතිව් දිස්ත්‍රික්කය සඳහා පුරාවිද්‍යා කාර්යාලයක් පසුගියදා ආරම්භ කරන ලදී.
පුරාවිද්‍යාවේ වන්නි පළාතේ ගවේෂණ නිලධාරියා වශයෙන් වික්‍රමසිරි පියදාස මහතා පත්වීමෙන් පසුව ඔහු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් දැනුවත් කොට මෙම කාර්යාලය විවෘත කොට තිබේ.

මෑතකදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට සේවකයන් විශාල සංඛ්‍යාවක් බඳවා ගැනීමෙන් පසුව මුලතිව් පළාතටද සේවකයන් පිරිසක් ලැබීම නිසා සේවකයන් 47කගේ සහභාගිත්වය මත මුලතිව් දිස්ත්‍රික්කය සඳහා පුරාවිද්‍යා කාර්යාලයක් විවෘත කිරීමට හැකි වී තිබේ.

මුලතිව් දිසාපති කාර්යාලයට අයත් ගොඩනැඟිල්ලක මේ කාර්යාලය පිහිටුවා තිබේ. 1973 වර්ෂයේදී උතුරු පළාතේ පුරාවිද්‍යා ගවේෂණයක් කළ පී. වීරසිංහ මහතා මුලතිව් පළාතේ පුරාවිද්‍යා වටිනාකමක් ඇති ස්ථාන 80ක් පමණ ඇති බව ඔහු විසින් ලියන ලද නාගයන්ගේ පා සටහන් නමැති පොතේ සඳහන් කොට තිබූ අතර උතුරේ වැඩිම පුරාවිද්‍යා ස්ථාන සංඛ්‍යාවක් ඇත්තේ මුලතිව් දිස්ත්‍රික්කයේ බවද සඳහන් කොට ඇත.

මුලතිව් දිස්ත්‍රික්කයේ පිහිටි බෞද්ධ ඉපැරැණි සිද්ධස්ථාන විශාල ප්‍රමාණයක් අන්‍ය ආගමික පූජකවරුන් විසින් වරදවා වටහාගෙන ඔවුන් ඒවා තම ආගම්වලට අයත් සිද්ධස්ථාන වශයෙන් සලකා වැඳුම් පිදුම් කරන බවද නාගයන්ගේ පා සටහන් නමැති ග්‍රන්ථයේ සඳහන් වෙයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon