උතුරේ ස්වේච්ඡා සෞඛ්‍ය සේවිකාවන් ස්ථිර කරන්නැයි ඉල්ලමින් යාපනයේ විරෝධතා

  👤  3462 readers have read this article !
By mawbima 2017-12-15

මුලතිව් - ශෂිකුමාර්
ඕමන්ත - ශේෂලා අමරසිංහ

උතුරේ ස්වේච්ඡා සෞඛ්‍ය සේවිකාවන් වසර ගණනාවක් පුරාවට සිය සේවය ස්ථිර නොකිරීමට විරෝධය පාමින් යාපනයේදී ඊයේ (14දා) විරෝධතාවක් සංවිධානය කොට තිබිණි.
උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලය ඉදිරිපිට පැවැති මේ විරෝධතාව උතුරු පළාත් ස්වේච්ඡා සෞඛ්‍ය සේවිකාවන්ගේ සංගමය විසින් සංවිධානය කොට තිබූ අතර යාපනය, කිලිනොච්චිය හා වවුනියාවේ ස්ව්ච්ඡා සෞඛ්‍ය සේවිකාවන් පිරිසක් එක්ව සිටියහ.

විරෝධතාවට එක්වූ ස්වේච්ඡා සෞඛ්‍ය සේවිකාවන් කියා සිටියේ වසර පහකට අධික කාලයක් ස්වේච්ඡා සෞඛ්‍ය සේවාවේ නිරත වුවද කිසිදු බලධාරියකු සිය පත්වීම් ස්ථිර කිරීමට පියවර නොගත් බවත් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ඇතුළු පළාත් සභා සියලු බලධාරීන් දැනුවත් කළද මේ දක්වා විසඳුමක් නොලැබුණු බවත්ය. මධ්‍යම රජයට හෝ තමන්ගේ ගැටලුවලට විසඳුමක් ලබාදෙන මෙන් ඉල්ලා මේ විරෝධතාව සංවිධානය කළ බවට ඔවුහු වැඩිදුරටත් කියා සිටියහ.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon