දුප්පත්කමෙන් හා විරැකියාවෙන් උතුරු පළාත මුල් තැනට

  👤  3238 readers have read this article !
By mawbima 2017-12-15

වවුනියාව - රසාදි චතුරංගි ගමගේ

ශ්‍රී ලංකාවේ දුගී දුප්පත්භාවය හා විරැකියාව අතින් උතුරු පළාත පළමු ස්ථානයේ සිටින බව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් මහතා පැවැසීය.
ප්‍රධාන අමාත්‍යවරයා මේ බව පැවැසුවේ උතුරු පළාත් සභාවේ 2018 වර්ෂයේ අය - වැය විවාදයට එක්වෙමිනි.
ප්‍රධාන අමාත්‍යවරයා කියා සිටියේ ශේ්‍රණිගත කිරීම්වලට අනුව ශ්‍රී ලංකාවේ දුප්පත්භාවය වැඩිම දිස්ත්‍රික්කය කිලිනොච්චිය බවයි.
මුලතිව් දිස්ත්‍රික්කය දෙවැනි ස්ථානයටත් යාපනය පස්වැනි ස්ථානයටත් පත්ව ඇති බව කී ප්‍රධාන අමාත්‍යවරයා 2018 වර්ෂයේ උතුරු පළාත් සභාවේ අය-වැය ලේඛනයේ පළාතේ විරැකියාව අවම කිරීමට යෝජනාවන් රැසක් ඉදිරිපත් කොට ඇති බව කීය.

ඒ අතරතුර උතුරු පළාතේ ආහාර නිෂ්පාදනය වැඩි කිරීමටත් වැසියන්ගේ ආර්ථිකය සමෘද්ධිමත් වන අන්දමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමටත් 2018 වර්ෂය යොදා ගන්නා බව ප්‍රධාන අමාත්‍යවරයා වැඩි දුරටත් කියා සිටියේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon